බැංකුව පිළිබඳ තතු
01.බැංකුව පිළිබඳ තතු
► සමස්ත නිරීක්ෂණය
|
1 |
949 අංක
58 දරන මුදල් නීති පනත යටතේ 1950 දී පිහිටුවන ලද ශ්රී ලංකා මහ බැංකුව, ශ්රී ලංකාවේ මූල්ය පද්ධතියේ කේන්ද්රීය ස්ථානය උසුලනු ලබන ආයතනයයි. මෙය අර්ධ ස්වාධීන ආයතනයකි.
2002 වසරේදී මුදල් නීති පනතට ගෙන එන ලද සංශෝධනවලට අනුව ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති, මුදල් හා සැලසුම් අමාත්යාංශයේ ලේකම් හා ශ්රී ලංකාවේ ජනාධිපති විසින් මුදල් අමාත්යවරයාගේ නිර්දේශ මත සහ ඒ හා සමගාමීව ව්යවස්ථාදායක සභාවේ අනුමැතිය ද ඇතිව පත්කරනු ලබන සාමාජිකයන්
තිදෙනෙකුගෙන් සමන්විත මුදල් මණ්ඩලය මගින් පාලනය කරනු ලැබේ.
ශ්රී ලංකාවේ ඵලදායී සම්පත්
සංවර්ධනය වැඩි දියුණු කිරීම සහ දිරිමත් කිරීම පිණිස ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රධාන අරමුණු දෙක (2) වන ආර්ථික
හා මිල ස්ථායීතාවය හා මූල්ය ක්රමයේ ස්ථායීතාවය පවත්වාගෙන
යාම සම්බන්ධයෙන් වගකීම දරයි. එමෙන්ම ව්යවහාර
මුදල් නිකුත් කිරීම හා කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ද ශ්රී ලංකා මහ බැංකුව වගකීම උසුලයි. මීට අමතරව මහ බැංකුව රජයේ
බැංකුකරැ මෙන්ම ආර්ථික කටයුතු උපදේශක ද වේ. ශ්රී ලංකා රජය වෙනුවෙන් එහි නියෝජිතයෙකු ලෙස, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය, විනිමය පාලන පනතට අනුව විනිමය කටයුතු කළමනාකරණය කිරීම, ශ්රී ලංකාවේ රාජ්ය ණය කළමනාකරණය කිරීම සහ ග්රාමීය සංවර්ධනය උදෙසා විදේශාධාර හා රජයේ අරමුදල් මගින් කෙරෙන
ණය යෝජනා ක්රම පරිපාලනය කිරීම යන නියෝජිත කටයුතු හතරෙහි (4) ද නියැලේ.
Comments
Post a Comment