මතු දැක්ම, මෙහෙවර ප්‍රකාශනය සහ වටිනාකම

මතු දැක්ම, මෙහෙවර ප්රකාශනය සහ වටිනාකම

මතු දැක්ම

>> ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සඳහා දායක වන විශ්වසනීය සහ ක්‍රියාශීලි මහ බැංකුවක් ලෙසින් සිටීම .

අපගේ දැක්ම පැහැදිලිව පෙන්වා දෙනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව අතිශය කැපවීමකින් යුතුව ශ්‍රී ලංකාවේ සෞභාග්‍යය සඳහා දායක වන බවයි. සෞභාග්‍යය යන වදන පුළුල් අරුතක් දනවයි. ගුණාත්මක බවින් ආඪ්‍ය ජන ජීවිතයක් ඉන් ධ්වනිත වේ. එය උදාකර ගත හැක්කේ තිරසාර ලෙස ධනය ඉපිදවීම තුලින් සහ සංවර්ධනයේ ප්‍රතිලාභ භුක්ති විඳීමට ජන සමාජයේ සෑම කොටසකටම ඉඩ සැලසීම මගිනි.

         ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාවලියට දායකවනුයේ ආර්ථික හා මිල ස්ථායිතාව සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සහතික කරමින් හා ආර්ථික කටයුතු පිළිබඳ රජයේ උපදේශකයා ලෙසින් විචක්ෂණශීලි සහ පූර්ව ප්‍රතිචාරි ප්‍රතිපත්ති නිර්දේශයන් රජයට ලබා දීමෙනි. උසස්ම ඒකාග්‍රතාවයකින් සහ වෘත්තීමය මට්ටමකින් පිරිපුන්ව බැංකුව සිය කාර්යයන් ඉටුකිරීමේ නිරත වනුයේ විෂය මූලික සහ නිර්දේශපාලනික යොමුවකින් යුක්තවීම තුළ ගෞරවයට ද පාත්‍ර වෙමිනි.


මෙහෙවර ප්රකාශනය

 

>> ප්‍රතිපත්තිමය උත්තේජක, උපදෙස්, කැපවීම සහ විශිෂ්ඨත්වය තුලින් තිරසාර වර්ධනයක් ලබා ගැනීම සඳහා පිටුබලයක් වීමට ආර්ථික සහ මිල ස්ථායිතාවත් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවත් පවත්වා ගැනීම

 

ආර්ථික සහ මිල ස්ථායිතාවය (සාර්ව ආර්ථික සමතුලිතතාවය පවත්වා ගනිමින් උද්ධමනය අඩු මට්ටමක පවත්වා ගැනීම) සහ මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය (සමස්ත මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය සුරැකීම) යන මහ බැංකුවේ මුලික පරමාර්ථයන් නොපිරිහෙලා සපුරාලීමේ අවශ්‍යතාවය අපගේ මෙහෙවරින් අවධාරණය කෙරේ. මෙම මෙහෙවර ඉෂ්ට කිරීමෙන් ආර්ථික ක්‍රියාවලියේ නියැලෙන්නන්හට දිගුකාලීන දෘෂ්ඨියකින් යුතුව ආර්ථිකය දෙස බැලීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කර දීමට ශ්‍රී ලංකා මහ බැංකුව සමත් වන අතර, ඒ අනුව සම්පත් බෙදාහැරීම, නිෂ්පාදනය, ශ්‍රම සැපයුම, ආයෝජනය, පරිභෝජනය සහ ඉතුරුම් පිළිබඳව සුවිශේෂී වූ වැදගත් තීරණ ගැනීමේ හැකියාව ඔවුනට ලැබේ. මෙවැනි දිගුකාලීන යොමුවක් තිරසාර වර්ධනයට සහ දිළිඳුකම පිටුදැකීමට අත්‍යවශ්‍ය ය.

 

         මෙම මූලික පරමාර්ථයන් පරිපූරණය කැරෙනුයේ ආර්ථිකයේ නිමැවුම එහි දිගුකාලීන විභවීය හා අපේක්ෂිත මට්ටම් කරා ඉහළ නැංවීමට යෝග්‍ය ප්‍රතිපත්ති නිර්දේශයන්ගෙනි. බැංකුවේ මෙහෙවර ඉෂ්ට කිරිමේ දී එහි ප්‍රධාන සම්පත වන සේවක මඞුල්ල ඉහළම මට්ටමින් විදහා දක්වන වගකීම, කැපවීම සහ විශිෂ්ටත්වය අන් අයටද  අනුගමනය කල හැකි ආදර්ශයකි. තම පාර්ශවකරුවන් වෙත සේවය ලබා දීමේ දී බැංකු සේවක මඞුල්ල නිසි මිනුම් දඞු හා සේවා ප්‍රමිතීන් පවත්වා ගනු ලබති. බැංකුව, තම සේවාවන් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රශස්ත මට්ටමත් අභිබවා යන මට්ටමකට ගෙන ඒමට නිරතුරුවම මහත් පරිශ්‍රමයක් දරයි.

 

වටිනාකම

 

·       ප්‍රබෝධමත් නායකත්වයක් වෙනුවෙන් කැපවීම -

          මූල්‍ය අංශයට උපායමාර්ගික නායකත්වයක් ලබා දීම.

           

·       විනිවිදභාවය -

          අපගේ ක්‍රියාකාරකම්වලට පාදක වූ කරුණු පැහැදිලි කිරීමට සුදානමින් සිටීම.

           

·       මහජනතාව, රජය, මූල්‍ය ආයතන සහ සේවකයින් වෙත වගකීමට බැඳී සිටීම -

          අප ලබා දුන් ප්‍රතිපත්තිමය උපදෙස් සහ අපගේ ක්‍රියාකාරකම් සඳහා වගකීම බාර ගැනීම.

           

·       ඒකාග්‍රතාව - විශ්වාසනීයත්වය හා අවංකබව -

          වචනයත් ක්‍රියාවත් එකිනෙක හා ගැලපෙන සේ කළ යුතු කාර්යයන් සදාචාර සම්පන්නව ඉටු    කරමින්  පාර්ශ්වකරුවන්ට උපරිම සුභසිද්ධිය සැලසෙන සේ කටයුතු කිරීම.

           

·       වෘත්තීය නිපුණත්වය සඳහා කෙරෙන කැපවීම -

          සියලු කටයුතු කැපවීමෙන්, ගුණාත්මකභාවයෙන් සහ විශිෂ්ටත්වයෙන් යුතුව සිදු කිරීම.

           

·       අඛණ්ඩ අධ්‍යයනය, දැනුම බෙදා ගැනීම සහ නවීකරණය සඳහා කෙරෙන කැපවීම -

          ලෝකයේ ශීඝ්‍ර දියුණුවට සරිලන සේ තනි තනිවත්, සාමුහික වශයෙනුත් නිපුණතා ලබාගැනීම.

           

·       සංගත බව, නිවැරදි බව සහ අප්‍රමාදී බව -

          අප කරනු ලබන කටයුතු සඳහා ගෞරවය දිනා ගැනීම.

           

·       ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරිම සඳහා අවශ්‍ය මෙහෙයුම් ස්වාධීනත්වය පවත්වා ගැනීම සහ එය තහවුරු කර ගැනීම -

          විෂයමූලිකව තීරණ ගැනීම සඳහා ආයතනික ස්වාධීනත්වය පවත්වා ගැනීම.

           

·       ප්‍රතිඵල සහ ප්‍රතිදාන සඳහා කඩිනම් වීම සහ නිරන්තර කැපවීම -

          අපගේ සියලු ක්‍රියාකාරකම්වල දී කඩිනම් සහ අප්‍රමාදි බව පිළිබඳ හැගීමකින් කටයුතු කිරීම.

           

·       කාර්යයන් ඉටු කිරිමේ දී සහයෝගිත්වයත් සහභාගිත්වයත් ලබාදීම -

          උපරිම සහයෝගීතාවකින් සහ කණ්ඩායම් හැඟීමකින් යුතුවීම සහතික කිරීම සඳහා බැංකුව තුළ ධනාත්මක ආකල්පවලින් හෙබි කණ්ඩායම් සබඳතා ගොඩ නැගීම.


          පෙර පිටුවට                              පටුනට                                  ඊලග පිටුවට

Popular posts from this blog

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ හරියට දැනගන්න