මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව

 

3.      මූල් පද්ධතියේ ස්ථායිතාව



මූ

ල් පද්ධති ස්ථායීතාව පවත්වා ගෙන යාම ශ්රී ලංකා මහ බැංකුවේ ප්රධාන පරමාර්ථ අතුරින් එකකි.අවශ් නීතිමය රාමුව පිහිටුවීම, මුල් පද්ධතියට අයත් ප්රධාන මූල් ආයතන නියාමනය කිරීම හා අධීක්ෂණය කිරීම, ප්රධාන මූල් වෙළෙඳපොළ වල ස්ථායීභාවය පවත්වාගෙන යාම, ගෙවීම් සහ පියවීම් පද්ධති අධීක්ෂණය, අවසාන ණය දෙන්නා ලෙස ක්රියාකිරීම සහ රක්ෂණ සහ කොටස් වෙළෙඳපොළ කටයුතු ඇතුලුව සමස්ත මූල් පද්ධතිය නිරතුරුව පරීක්ෂාකාරිවීම ආදිය මගින් ශ්රී ලංකා මහ බැංකුව මෙම කාර්යය ඉටුකරයි.

 

මූල් ක්රමය පිළිබඳව

 

මූල් ක්රමයේ ස්ථායීතාවය

මූල් පද්ධතියේ ස්ථායිතාව යන්නෙන් අදහස් කෙරෙනුයේ බාහිර සහ අභ්යන්තර කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවක් ඇති සුරක්ෂිත මූල් පද්ධතියකි. ස්ථාවර මූල් පද්ධතියක් තැන්පත්කරුවන් සහ ආයෝජකයින් සඳහා සතුටුදායක පරිසරයක් නිර්මාණය කරයි. ඵලදායී සහ කාර්යක්ෂමව ක්රියා කිරීමට මූල් ආයතන සහ වෙළෙඳපොළ සඳහා අනුබල දෙයි. මේ නිසා, ආයෝජනය සහ ආර්ථික වර්ධනය ප්රවර්ධනය කරයි. මූල් පද්ධතියේ ස්ථායිතාව සඳහා ඵලදායී නියාමන රාමුවක් තුළ පවත්නා ස්ථාවර මූල් සහ ආර්ථික පරිසරයක් සුරක්ෂිත සහ ශක්තිමත් ගෙවීම් සහ පියවීම් පද්ධතියක් අවශ් වේ. මූල් පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගෙනයෑම සඳහා අනාගතයේ දී මූල් පද්ධතියට සිදුවිය හැකි අනතුරු සහ අවදානම් හඳුනාගැනීම සහ ඒවාට පිළියම් යෙදීම අවශ් වේ.

 

·        ඉතිරි කරන්නන්ට සහ ආයෝජකයින්ට යහපත් වන විශ්වසනීය සහ බලය පවරන පරිසරයක් නිර්මාණය කිරීම.

·        මුදල් ප්‍රතිපත්තිය සම්ප්‍රේෂණය කිරීමට සහාය දීමෙන් මිල ස්ථායිතාව ළඟා කර ගැනීම සඳහා උපකාර කිරීම.

·        අවසානයේ දී ආයෝජනය සහ වර්ධනය ප්‍රවර්ධනය කරන කාර්යක්ෂම මූල්‍ය අතරමැදිකරණය සඳහා අනුබල දීම.

·        වෙළෙඳපොළ තිබෙන ඵලදායී සහ කාර්යක්ෂම මෙහෙයුම් සඳහා පෙළඹවීම හා ආර්ථිකයේ සම්පත් බෙදා හැරීම වැඩි දියුණු කිරීම.

 

මූල් ක්රමයේ ව්යුහය

ශ්රී ලංකා මහ බැංකුව, බලපත්රලාභී වාණිජ බැංකු, බලපත්රලාභී විශේෂිත බැංකු, බලපත්රලාභී මූල් සමාගම්, විශේෂිත කල්බදු සමාගම්, ප්රාථමික වෙළෙඳුන්, විශ්රාමික සහ අර්ථසාධක අරමුදල්, රක්ෂණ සමාගම්, ග්රාමීය බැංකු, කොටස්වෙළඳපල තැරැව්කරුවන්,සුරැකුම්පත් වෙළඳපල අතරමැදියන්, ඒකීය භාර හා සකසුරුවම් සහ ණය දෙන සමූපකාර සමිති වැනි ප්රධාන මූල් ආයතනවලින් විදේශ විනිමය වෙළෙඳපොළ, මුදල් වෙළෙඳපොළප්රාග්ධන වෙළෙඳපොළ සහ අවිධිමත් මූල් වෙළෙඳපොළ වැනි ප්රධාන මූල් වෙළෙඳපොළෙන් මූල් පද්ධතියට හා ගෙවීම් සහ පියවීම් පද්ධතියට සම්බන්ධ නෛතික රාමුව වන මූල් යටිතල පහසුකම්වලින් ශ්රී ලංකාවේ මූල් පද්ධතිය සමන්විතයි.


        ● මූල් ක්රමයේ අංශ

ප්‍රධාන මූල් ආයතනය ලෙස මහ බැංකුව, අනෙකුත් නියාමන අධිකාරීන්, මූල් ආයතන, වෙළෙඳපොළ, උපකරණ, ගෙවීම් සහ පියවීම් පද්ධතියක්, නෛතික රාමුවක් හා නියාමනයන්ගෙන් මූල් පද්ධතිය සමන්විත වෙයි. මූල් පද්ධතිය අතිරික්ත ඒකකවලින් ණය ගැනීම සහ ඌන ඒකකවලට ණය දීම හා සම්බන්ධ ඉතා වැදගත් මූල් අතරමැදිකරණ කාර්යයන් ක්රියාත්මක කරයි. මූල් පද්ධතිය නිරීක්ෂණය සහ නියාමනය කිරීමට නෛතික රාමුව සහ නියාමන අවශ් වෙයි. මූල් පද්ධතියේ ගනුදෙනු නිෂ්කාශනය වීමේ සහ පියවීමේ යාන්ත්රණය සිදු වන්නේ ගෙවීම් සහ පියවීම් පද්ධතිය හරහායි..

 

නියාමන අධිකාරීන් ශ්‍රී ලංකා මහ බැංකුව

·        බැංකු ආයතන නියාමනය සහ අධීක්ෂණය ප්‍රධාන වශයෙන් පාලනය කරනු ලබන්නේ 1949 අංක 58 දරණ මුදල් නීති පනත , 1988 අංක 30 දරණ බැංකු පනත සහ 1953 අංක 24 දරණ විනිමය පාලන පනත ය.

·        මූල්‍ය සමාගම් නියාමනය සහ අධීක්ෂණය 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත අනුව පවරා ගෙන ඇත.

·        කල්බදු මූල්‍යකරණ සමාගම් නියාමනය සහ නිරීක්ෂණය 2000 අංක 56 දරණ කල්බදු මූල්‍යකරණ පනත යටතේ මෙහෙයවනු ලබයි

·        රජයේ සුරැකුම්පත් සම්බන්ධ ප්‍රාථමික වෙළෙඳුන් නියාමනය සහ අධීක්ෂණය 1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ1937 අංක 7 දරණ ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් ආඥා පනත අනුව ක්‍රියාත්මක කරයි.

 

අධීක්ෂණය කෙරෙමින් පවතින ආයතන මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව සඳහා පද්ධතිමය වශයෙන් වැදගත් වන්නා වූ ආයතන වෙයි. කෙසේ වුව ද, මූල්‍ය අංශයේ තරගය නිසා සමහර අවස්ථාවල ඇතැම් මූල්‍ය ආයතන අක්‍රිය විය හැක. ඒ වේගයෙන් වෙනස් වන මූල්‍ය වාතාවරණයට ඒවා අනුවර්තනය නොවීමේ හේතුවෙනි. එවැනි ආයතන පරිහානියට ලත් වූ ප්‍රමාණය පදනම කොට ගෙන ප්‍රතිව්‍යුහගත හෝ ඈවර කරයි.


සුරැකුම්පත් සහ විනිමය කොමිසම


1987 අංක 36 දරණ ශ්‍රී ලංකා සුරැකුම් සහ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාර කොටස් වෙළෙ ඳපොළ, කොටස් තැරැව්කරැවන්, කොටස් වෙළෙඳුන් හා ඒකක භාර සමාගම්වලට බලපත්‍රදීම හා නියාමනය කිරීමෙහිලා සුරැකුම් සහ විනිමය කොමිෂම වගකීම දරයි. එමෙන්ම සුරැකුම් සහ විනිමය කොමිසම ප්‍රතිරක්ෂකයින්, ආන්තික සපයන්නන්, ණය ගෙවීමේ හැකියා ශ්‍රේණිගත කිරීමේ ආයතන, ආයෝජන කළමනාකරුවන් සහ සුරැකුම් නිෂ්කාශන ආයතන ලියාපදිංචි කිරීම ද කරයි. මූල්‍ය ස්ථායීතාවයට අදාල ගැටළු සම්බන්ධීකරණය කිරීම පිණිස, ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම් සහ විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන අතර මහ බැංකුවේ මූල්‍ය පද්ධති ස්ථායීතාව භාර නියෝජ්‍ය අධිපති සුරැකුම් සහ විනිමය කොමිසමේ දී ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරයි.


ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය


1987 අංක 36 දරණ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසම් පනතට අනුව කොටස් වෙළෙඳපොළ, කොටස් තැරැව්කරුවන්, කොටස් වෙළෙඳුන් සහ ඒකක භාර සමාගම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ නියාමනය කිරීම පිළිබඳව සුරැකුම්පත් සහ විනිමය කොමිසම වගකීම දරයි. සුරැකුම්පත් සහ විනිමය කොමිසම ප්‍රතිරක්ෂකයින්, ආන්තික සපයන්නන්, ණය ප්‍රමාණනය කිරීමේ නියෝජිත ආයතන, ආයෝජන කළමනාකරුවන් සහ සුරැකුම්පත් නිෂ්කාශන ආයතන ද ලියාපදිංචි කරයි. මූල්‍ය පද්ධතිය පිළිබඳ ගැටළු නිසි අයුරින් සම්බන්ධීකරණය කිරීම සඳහා මහ බැංකුව සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරයි. සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව භාර නියෝජ්‍ය අධිපති මහ බැංකුව නියෝජනය කරයි.

 

මූල්‍ය ආයතන

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන ආයතන

 

·        බලපත්‍රලාභී වාණිජ බැංකු

·        බලපත්‍රලාභී විශේෂිත බැංකු

·        බලපත්‍රලාභී මූල්‍ය සමාගම

·        ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන

·        බලය ලත් ප්‍රාථමික වෙළෙඳුන්


ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සහ අධීක්ෂණය කිරීමට ද නීතියක් සකස් වෙමින් පවතින අතර මූල්‍ය ආයතන නිරීක්ෂණය සඳහා නිදහස් අධිකාරියක් පිහිටුවීමට ක්‍රියාමාර්ග ගනු ලැබ ඇත.

 

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය නො කරනු ලබන ආයතන


මහ බැංකුව විසින් සමහරක් මූල්‍ය ආයතන නියාමනය කරනු නොලැබේ. සුරැකුම්පත් සහ විනිමය කොමිසම යටතේ පවත්නා කොටස් තැරැව්කාර / අලෙවිකරණ සමාගම්, ඒකක භාර සමාගම් සහ ආයෝජන කළමණාකාර සමාගම් ද ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය මගින් නියාමනය කරනු ලබන රක්ෂණ සමාගම් සහ රක්ෂණ තැරැව්කරුවන් ද ව්‍යාපාර ප්‍රාග්ධන සමාගම්, විශ්‍රාම සහ අර්ථසාධක අරමුදල් හා ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ද මේවාට අයත් වේ.

 

මූල්‍ය වෙළෙඳපොළ


ණය සහ ප්‍රාග්ධනය සඳහා වන වෙළෙඳපොළ එනම් මූල්‍ය වෙළෙඳපොළ, මුදල් වෙ‍ෙළඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ ලෙස කොටස් කළ හැක. භාණ්ඩාගාර බිල්පත්, වාණිජ පත්‍ර සහ තැන්පතු සහතික වැනි වසරකට වඩා අඩු කල්පිරීම් කාලයක් ඇති කෙටි කාලීන පොලියක් සහිත වත්කම් සඳහා වන වෙළෙඳපොළ වන්නේ මුදල් වෙළෙඳපොළයි. ආර්ථිකයේ ද්‍රවශීලතා කළමනාකරණය සඳහා පහසුකම් සැලසීම මුදල් වෙළෙඳපොළේ ප්‍රධාන කර්තව්‍යයයි. මුදල් වෙළඳපොළේ ප්‍රධාන නිකුත්කරුවන් ලෙස රජය, බැංකු සහ පෞද්ගලික සමාගම් ක්‍රියා කරන අතර ප්‍රධාන ආයෝජකයින් ලෙස රක්ෂණ සමාගම් හා විශ්‍රාම සහ අර්ථසාධක අරමුදල් ක්‍රියා කරයි.

 භාණ්ඩාගාර බැඳුම්කර, පෞද්ගලික ණය සුරැකුම්පත් (බැඳුම්කර සහ ණයකර) හා කොටස් වැනි කල්පිරීම් සඳහා වසරකට වඩා වැඩි කාලයක් ගත වන වත්කම් අලෙවිය සිදුවන වෙළෙඳපොළ ප්‍රාග්ධන වෙළෙඳපොළයි. එහි ප්‍රධාන නිකුත්කරුවන් රජය, බැංකු සහ පෞද්ගලික සමාගම් වන අතර ප්‍රධාන ආයෝජකයින් විශ්‍රාම සහ අර්ථසාධක අරමුදල් හා රක්ෂණ සමාගම් වේ.

ණය වෙළෙඳපොළ සහ කොටස් වෙළෙඳපොළ වැනි උපකරණවලට අනුව මූල්‍ය වෙළෙඳපොළ ද වර්ග කළ හැකි ය. ස්ථාවර ආදායම් සුරැකුම්පත් වෙළෙඳපොළ ලෙස ද ණය වෙළෙඳපොළ හැඳින්විය හැක. රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ (භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර) හා පෞද්ගලික ණය සුරැකුම්පත් වෙළෙඳපොළ (වාණිජ පත්‍ර, පෞද්ගලික බැඳුම්කර සහ ණයකර) එහි කොටස් වෙයි. ප්‍රාථමික සහ ද්විතියික වෙළෙඳපොළ අතර තවත් වෙනසක් දැකිය හැකි වේ. ප්‍රාථමික වෙළෙඳපොළ වන්නේ කොටස් සහ ණය සුරැකුම්පත් අලුතින් නිකුත් කරන වෙළෙඳපොළයි.

පවත්නා සුරැකුම්පත් අලෙවි කරනු ලබන වෙළෙඳපොළ ද්විතියික වෙළෙඳපොළ වෙයි. මූල්‍ය වෙළෙඳපොළේ ඇති වෙනස් කම් වලට මහ බැංකුව එහි මුදල් ප්‍රතිපත්තිය මෙහෙයවීම හරහා විවිධ ප්‍රමාණවලින් බලපෑම් ඇති කරයි. මුදල් වෙළෙඳපොළේ ඛණ්ඩයක් වන අන්තර් බැංකු ඒක්ෂණ මුදල් වෙළෙඳපොළට සහ ස්ථාවර ආදායම් සුරැකුම්පත් වෙළෙඳපොළේ ඛණ්ඩයක් වන රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළට මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික විශාල ලෙස බලපෑම් කරයි. මුදල් වෙළෙඳපොළට සමීප සබඳතාවක් ඇති අන්තර් බැංකු විදේශ විනිමය වෙළෙඳපොළ කටයුතුවලට ද මහ බැංකුව මැදිහත් වෙයි.

 

මූල්‍ය උපකරණ

 

තැන්පතු

තැන්පතු යනු ගනුදෙනුකරුවකුගේ ගිණුමකට බැර කිරීම සඳහා මූල්‍ය ආයතනයක තබා ඇති මුදලේ එකතුවයි. තැන්පතු වර්ග තුනක් ඇත. ඒවා නම් ඉල්ලුම් තැන්පතු, ඉතුරුම් තැන්පතු සහ ස්ථිර හෝ කාලීන තැන්පතුයි. ඉල්ලුම් තැන්පතු ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ ගනුදෙනු කටයුතු සහ අරමුදල් ආරක්ෂා කිරීම සඳහායි. මෙහි ඇති මුදල් ඉල්ලූ සැනින් ආපසු ලබා ගත හැක. ඉල්ලුම් තැන්පතු පොලියක් උපයන්නේ නැත. එහෙත් ඉල්ලුම් තැන්පතුකරුවන්ට මුදල් ආපසු ලබා ගැනීමේ දී සහ ගෙවීම් කටයුතුවල දී පහසුකම් සැලසීමට චෙක්පත් පහසුකම්, ස්ථාවර නියෝග, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර කාඩ්පත් සහ ණය කාඩ්පත් වැනි සේවා කිහිපයක් බැංකු සපයයි. ඉතුරුම් තැන්පතු පොලියක් උපයයි. එය ගණනය කරනු ලබන්නේ දිනපතා, සතිපතා, මාස් පතා හෝ වාර්ෂික ව ය.

 ඕනෑ ම වේලාවක දී ඉතුරුම් ගිණුම්වලින් මුදල් ලබා ගත හැක. කෙසේ නමුත්, ආපසු මුදල් ලබා ගැනීමේ වාර ගණන මසකට වාර හතරකට වඩා වැඩි වුවහොත් එම මාසය සඳහා පොලිය ගෙවනු නො ලැබේ. ඉතුරුම් තැන්පතුකරුවන්ට ගනුදෙනුවල විස්තර ඇතුළත් පාස් පොත් හෝ ප්‍රකාශන මූල්‍ය ආයතන නිකුත් කරයි. එ ලෙස ම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සහ ණය කාඩ්පත් වැනි සේවා ද සපයයි. ස්ථාවර සහ කාලීන තැන්පතු යනු යම්කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක් සඳහා මූල්‍ය ආයතනවල තබා ඇති මුදල් වේ. ඒවා කෙටි , මධ්‍යම හෝ දිගු කාලීන විය හැක. මුදල් ආපසු ලබා ගත හැක්කේ කල් පිරෙන දිනයට පෙර දිනයක දී පමණි. ඒ සඳහා කලින් දැනුම් දීමක් අවශ්‍ය ය.

මෙහි දී දඬුවමක් පැනවිය හැක. ඇපයක් ලෙස තැන්පතුව භාවිතා කර මූල්‍ය ආයතනවලින් ණය ලබාගැනීමට පහසුකමක් ස්ථාවර/කාලීන තැන්පත්කරුවන්ට ඇත.

 

ණය

ණයක් යනු එකඟ වූ පොලී අනුපාතිකයකට එකඟ වූ දිනවල දී වාරික ව හෝ එකවර නැවත ගෙවිය යුතුය යන කොන්දේසිය මත ණය කරුවෙකුට ණය දෙන්නෙකු, සාමාන්‍යයෙන් මූල්‍ය ආයතනයක්, විසින් සපයනු ලබන නිශ්චිත මුදල් ප්‍රමාණයකි. බොහෝ අවස්ථාවල දෙනු ලබන ණය සඳහා යම් ආකාරයක ආරක්ෂණයක් මූල්‍ය ආයතනවලට අවශ්‍ය වෙයි.

 

භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර


භාණ්ඩාගාර බිල්පත් යනුවෙන් හැඳින්වෙන්නේ වසරක් දක්වා කල්පිරීම් කාලයක් ඇති රජයේ සුරැකුම්පත් ය. දේශීය භාණ්ඩාගාර බිල්පත් ආ‍‍ඥා පනතෙහි ඇතුළත් නියෝග යටතේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරයි. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරනු ලබන්නේ දින 91, දින 182 සහ දින 364 ක පරිණත කාලයකට ය. භාණ්ඩාගාර බිල්පත් ශුන්‍ය කූපන් සුරැකුම්පත් වේ. කල් පිරීමේ දී ගෙවනු ලබන මුහුණෙහි ප්‍රකාශිත අගයට වට්ටමක් සහිත ව අලෙවි කරනු ලැබේ. හිමිකරුට ලැබෙන පොලී ආදායම වන්නේ මිල දී ගන්නා අගය සහ මුහුණතෙහි ප්‍රකාශිත අගය අතර වෙනසයි. භාණ්ඩාගාර බිල්පත් ද්‍රවශීල වත්කම් ලෙස සලකනු ලැබේ. ඒ ද්විතියික වෙළෙඳපොළේ ඒවා පහසුවෙන් අලෙවි කළ හැකි බැවින් හා මුදල් බවට පත් කළ හැකි බැවිනි. භාණ්ඩාගාර බැඳුම්කර මධ්‍ය සහ දිගු කාලීන රජයේ සුරැකුම්පත් වේ.

ඒවා නිකුත් කරනු ලබන්නේ අවුරුදු 2 සිට අවුරුදු 20 අතර කල් පිරීමේ කාල පරාස වලිනි. ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් ආඥා පනතෙහි ඇතුළත් නියෝග යටතේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරනු ලැබේ. ඒවා වසරකට දෙවතාවක් ගෙවනු ලබන පොලියක් සහිත සුරැකුම්පත් වේ. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර රජය විසින් සහතික කරනු ලැබේ. නොගෙවා පැහැර හැරීමේ අවදානමක් නොමැති බැවින් අනෙකුත් සියළුම ආයෝජනයන්ට වඩා මේවා සුරක්ෂිත ය. භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර ප්‍රාථමික වෙළෙඳුන්ට වෙන්දේසියක දී විකිණිය හැකි නිසා සහ ඔවුන් එම සුරැකුම්පත් නැවතත් මහජනයාට අලෙවි කරන නිසා මිලට ගෙන අලෙවි කළ හැකි සුරැකුම්පත් වේ.

 භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර මත ඇති ප්‍රතිලාභය තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළයි. එය සක්‍රිය සහ ද්‍රවශීල වෙළෙඳපොළකි. 2004 වසරේ සිට, නිර්ලේඛන ස්වරූපයෙන් (ලේඛන රහිත ව) භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර නිකුත් කරනු ලබන අතර මහ බැංකුවේ ලංකාසෙක්‍යු පද්ධතියට විද්‍යුත් මාධ්‍යයෙන් ගනුදෙනු වාර්තා කරනු ලැබේ.

 

ප්‍රතිමිලදී ගැනිමේ ගිවිසුම

ප්‍රතිමිලදී ගැනිමේ ගිවිසුම යනු නියම කර ගත් ඉදිරි දිනයක දී ස්ථාවර මිලකට එම සුරැකුම්පත ම හෝ ඒ හා සමාන සුරැකුම්පත් නැවත මිල දී ගැනීමේ පොරොන්දුවක් සහිත ව නිශ්චිත මිලකට මුදල් ලබා ගැනීම සඳහා සුරැකුම්පත් (සාමාන්‍යයෙන් රජයේ සුරැකුම්පත්) අලෙවි කිරීම සම්බන්ධව පවත්නා විධිවිධානයි. අලෙවි කිරීමේ මිල සහ ප්‍රතිමිලදී ගැනීමේ මිල අතර වෙනස වන්නේ පොලී ආදායමයි.

 සුරැකුම්පත් මිල දී ගන්නා ගැනුම්කරුගේ පාර්ශවයෙන් බලන කල මෙම ගිවිසුම ප්‍රතිවිකුණුම් ගිවිසුම වශයෙන් හැඳින්වේ. ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුමක් ගිවිසුමට පාදක වූ සුරැකුම්පත් ඇපයට තබාගත් ණයකට සමාන වේ. බොහෝ ප්‍රතිමිලදී ගැනීමේ ගිවිසුම් ඉතා කෙටි කාලීන මුදල් වෙළෙඳපොළ උපකරණ වේ.

 

වාණිජ පත්‍ර

වාණිජ පත්‍ර යනු තමන්ගේ ම භාවිතය සඳහා අරමුදල් නගා සිටුවීම පිණිස පෞද්ගලික අංශයේ සමාගම් විසින් සහ බැංකු හා අනෙකුත් මූල්‍ය අතරමැදියන් විසින් නිකුත් කරනු ලබන කෙටි කාලීන, ඇපයට තැබිය නොහැකි (අනාරක්ෂිත) ණය සුරැකුම්පත් වේ. විශාල අගයක් ඇති ණය දීමට සුදුසු (ඉහළ ශ්‍රේණිතග කිරීමක් සහිත) සහ ගෙවීමේ දී අමතර බැංකු ඇප ඇති ආයතන විසින් මේවා සාමාන්‍යයෙන් නිකුත් කරනු ලැබේ. වාණිජ පත්‍ර සාමාන්‍යයෙන් අලෙවි කරනු ලබන්නේ වට්ටමක් ඇති ව ය. එ හෙත් සමහරකට පොලී ගෙවයි.


සාංගමික බැඳුම්කර සහ ණයකර

සාංගමික බැඳුම්කර වන්නේ නිකුත් කරන්නාට පොලිය ගෙවීම සහ කල් පිරීමේ දී මුල් මුදල මුදාහැරීම සඳහා බැඳී සිටින පෞද්ගලික අංශයේ සමාගම්වලට අයත් මධ්‍ය සහ දිගුකාලීන සුරැකුම්පත් වේ. විශේෂිත වත්කමක් මගින් ආවරණය නොවන සාංගමික බැඳුම්කර ණයකර නමින් හැඳින්වේ.

ණයකර යනු නිකුත් කරන්නාගේ සාමාන්‍ය ණයෙන් පමණක් ආවරණය වන පෞද්ගලික අංශයේ සමාගම්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන නිකුත් කරනු ලබන අනාරක්ෂිත, මධ්‍ය සහ දිගුකාලීන, පොලී සහිත බැඳුම්කර වේ. විශාල, මනා ලෙස පිහිටුවන ලද ආයතන විසින් සාමාන්‍යයෙන් ණයකර නිකුත් කරනු ලැබේ. ණයකර හිමියන් සලකනු ලබන්නේ ණයහිමියන් ලෙස ය. නිකුත් කරනු ලබන සමාගමේ ද්‍රවශීලතා අවස්ථාවක දී කොටස්කරුවන්ට පෙර ගෙවීම් ලැබීම සඳහා ඔවුන් හිමිකම් ලබයි.

 

වත්කම් මගින් ආවරණය වන සුරැකුම්පත්

වත්කම් මගින් ආවරණය වන සුරැකුම්පත් යනු උකස්කර, ණය හෝ අය කර ගත හැකි දේ ඇපයට තබන ලද (ආරක්ෂිත) බැඳුම්කර වේ. උකස්කර, ණය, ණය වාරික, ණය කාඩ්පත් හෝ අනෙකුත් අය කර ගත හැකි දේ වත්කම් මගින් ආවරණය වන සුරැකුම්පත් විකුණන භාරකාර මණ්ඩලයකට හෝ විශේෂිත අරමුණ වාහකයෙකුට නිකුත් කරනු ලබන ආයතනය විසින් මහජනයාට අලෙවි කරනු ලබයි. වත්කම් මගින් ආවරණය වන සුරැකුම්පත් පොලී සහිත උපකරණයි. රක්ෂණ හෝ ඇප සහතික භාවිතය හරහා ඒවා බොහෝ විට ඉහළ අගයකට නංවයි.

 

කල්බදු මූල්‍ය

කල්බදු මූල්‍ය ප්‍රාග්ධනය හෝ කල් පවත්නා උපකරණ මිල දී ගැනීම සඳහා මූල්‍යකරණය කිරීමට සපයන ලද අවකාශයි. එහි දී ප්‍රාග්ධනය සහ පොලියත් සහිත ව මුළු වියදම ආවරණය වන පරිදි ගෙවීමකට එකඟව නීතිමය හිමිකරු (කල් බදු දෙන්නා) බදු ගැනුම්කරුට උපකරණය ණයට දෙයි. වත්කම භාවිතා කිරීමෙන් ලැබෙන සිය‍ළු ම ප්‍රතිලාභ බදු ගැනුම්කරු ලබා ගන්නා අතර නඩත්තුව, රක්ෂණය සහ බදු වැනි එහි හිමිකම ආශ්‍රිත වියදම් දරයි. ණයෙහි ප්‍රාග්ධනය සහ පොලී ගෙවීම්වලින් සම්පූර්ණයෙන් ම නිදහස් වූ විට බදු ගැනුම්කරුට උපකරණයේ නීතිමය හිමිකම පනවනු ලබයි.


කොටස්

කොටස් යනු සමාගමක හිමිකාරත්වයෙන් කොටසක් නියෝජනය කරනු ලබන සුරැකුම්පත් වේ. ඒවා සමාගමේ ආදායම් සහ වත්කම්වලට හිමිකම් පෑමකි. සමාගමේ ලාභයෙන් ප්‍රතිශතයක් වන ලාභාංශ කොටස් හිමියන්ට ගෙවනු ලැබේ.

 

මූල්‍ය ව්‍යුත්පන්න ලියවිලි

මූල්‍ය ව්‍යුත්පන්න ලියවිල්ලක් යනු වෙනත් වි‍ෙශ්ෂිත මූල්‍ය උපකරණයකට, දර්ශකයකට හෝ වෙළෙඳ ද්‍රව්‍යකට සම්බන්ධ වන මූල්‍ය උපකරණයකි. ඒ හරහා පොලී අනුපාතික අවදානම, විදේශ විනිමය අවදානම, සාමාන්‍ය කොටස් සහ භාණ්ඩ මිල අවදානම වැනි විශේෂිත මූල්‍ය අවදානම් තමන්ගේ ම හිමිකමින් මූල්‍ය වෙළෙඳපොළේ අලෙවි කළ හැක. මූල්‍ය ව්‍යුත්පන්න ලියවිල්ලක අගය ලැබෙනුයේ වත්කමක් හෝ දර්ශයක් වැනි පාදක වූ අයිතමයක මිලෙනි. අවදානම් කළමනාකරණය, වාණිජ ගනුදෙනු සහ මූලය උපකරණවල දී මූල්‍ය අලාභවලට එරෙහි වන ආරක්ෂාකාරී ඉදිරිරැකුම හා වෙළෙඳපොළ සහ සමපේක්ෂණය අතර තීරක තීන්දු සඳහා මූල්‍ය ව්‍යුත්පන්න ලියවිලි භාවිතා කළ හැක. මේවා වෙනස් වර්ග දෙකකින් ඇත.

 එනම් ඉදිරිය සහ ඒ සම්බන්ධ උපකරණ හා විකල්පයි. ඉතාමත් ප්‍රචලිත ඉදිරි උපකරණ වනුයේ ඉදිරි ගිවිසුම්, අනාගත ගිවිසුම්, ඉදිරි අනුපාතික ගිවිසුම් සහ පොලී අනුපාත හුවමාරුවයි. මූල්‍ය ව්‍යුත්පන්න ලියවිලි අත්පිට අලෙවි කරයි. මූල්‍ය ආයතනවලින් ඒවා මිල දී ගත හැකි ය. එ සේ නැතිනම් ඒවා ප්‍රාමාණික නිෂ්පාදන බැවින් සංවිධානය කළ හුවමාරු ක්‍රම මගින් මිලට ගත හැකි ය. එ හෙත් මූල්‍ය ව්‍යුත්පන්න ලියවිලි ශ්‍රී ලංකාවේ තව ම පුළුල් ලෙස භාවිතා නො කරයි. ඉදිරි ගිවිසුම්, ඉදිරි අනුපාතික ගිවිසුම් සහ පොලී අනුපාත හුවමාරුව වැනි උපකරණ සංවර්ධනය වීමට පටන් ගත්තා පමණි.

 

ගෙවීම් සහ පියවීම් යටිතල පහසුකම්

මූල්‍ය පද්ධතියේ ඇති ඉතාමත් වැදගත් කාර්යයන්ගෙන් එකක් වන්නේ ගෙවීම්වල සහ සුරැකුම්පත් ගනුදෙනුවල සුරක්ෂිතතාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීමයි. විශාල වටිනාකම් සහ කුඩා වටිනාකම්වල ගෙවීම් ක්‍රියාත්මක කිරීම සඳහා සපයනු ලබන වෙනස් පද්ධති මූල්‍ය යටිතල පහසුකම් ලෙස සඳහන් වෙයි. තනි තනි වශයෙන් හෝ ආයතන අතර ඇති මූල්‍ය පොරොන්දු නිරවුල් කිරීම සඳහා මූල්‍ය ආයතනවල පවතින ගිණුම්වල මුදල් මාරු කිරීමට ගෙවීම් සහ පියවීම් පද්ධති බලය පවරයි.


ශ්‍රී ලංකාවේ ඇති ප්‍රධාන, නිශ්කාෂණ සහ නිරවුල් කිරීමේ පද්ධති වන්නේ

·        සීමාසහිත ලංකා ක්ලියර් විසින් ක්‍රියාත්මක කරනු ලබන අන්තර් බැංකු චෙක්පත් නිශ්කාෂණ පද්ධතිය වන ඡායාගත චෙක්පත් පිළිබිඹු නිශ්කාෂණ පද්ධතිය.

·        සීමාසහිත ලංකා ක්ලියර් විසින් ක්‍රියාත්මක කරනු ලබන අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය.

·        ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන තත් කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවුම් ක්‍රමය අඩංගු ලංකා සෙට්ල්.


             පෙර පිටුවට                              පටුනට                                  ඊලග පිටුවට

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ හරියට දැනගන්න