නීති හා රෙගුලාසි
6. නීති හා රෙගුලාසි
1 |
949 අංක
58
දරන මුදල්
නීති
පනත
යටතේ
1950 දී
ශ්රී
ලංකා
මහ
බැංකුව පිහිටුවන
ලද
අතර
එය
මූල්‍ය අංශයේ
ප්රධානතම
ආයතනයයි. ආරම්භයේ
පටන්ම, රටෙහි මූල්‍ය
ක්රමය
නියාමනය
කිරීම
මහ බැංකුවේ
වගකීමක්
වී
තිබේ. ප්රධාන
නෛතික අණපනත්
කිහිපයක්
මඟින්, ශ්රී
ලංකා
මහ
බැංකුවට
එහි
ප්රධාන
අරමුණු
වන ආර්ථික
හා මිල
ස්ථායීතාව
හා
මූල්‍ය
ක්රමයේ
ස්ථායීතාව
පවත්වාගෙන
යනු
වස් එහි
කටයුතු කරගෙනයාමට
බලතල
ලබා
දී
ඇත. මෙම
බලතල
යටතේ, සියලුම
වර්ගයේ මූල්යායතන
මහ
බැංකුවේ අධීක්ෂණය
හා
නියාමන
සීමාවන්
යටතේ
පිහිටුවීම
හා ක්රියාත්මක
කිරීම
සඳහා
මෙහෙයුම් මාලා
නිකුත්
කරයි. ඊට
අමතරව
වෙනත්
අණපනත් මඟින්
නියෝජිත
කටයුතු
සමහරක්
කරගෙන
යාමට ද
මහ
බැංකුවට
බලය
පවරා
දී
ඇත.
► නෛතික අණපනත්
රටෙහි මූල්‍ය ක්රමය නෛතික අණපනත් කිහිපයක් මඟින් නියාමනය කරනු ලැබේ. ශ්රී ලංකා මහ බැංකුවේ නියාමන කටයුතුවලට අදාලවන ප්රධාන පනත් වනුයේ මුදල් නීති පනත, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත, ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම් ආඥා පනත, විනිමය පාලන පනත, බැංකු පනත, මුදල් ව්යාපාර පනත, මූල්‍ය කල්බදු පනත, ගෙවීම් සහ පියවීම් ක්රම සහ මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනතයි.
1949 අංක 58 දරන මුදල් නීති පනත.
ශ්රී ලංකාවේ මූල්‍ය ක්රමය ස්ථාපිත කිරීමට, පරිපාලනය කිරිමට සහ නියාමනය කිරිමට හා ශ්රී ලංකා මහ බැංකුව පහිටුවීමට හා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට එහි කාර්යයන්, පරිපාලනය හා නියාමනය වැනි පරමාර්ථයන් උදෙසා අවශ්‍ය වන්නා වු වගකීම් ප්රදානය කරන හා පනවන පනතකි.
1923 අංක 08 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත.
ශ්රී ලංකාවෙහි භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය මුදල් ලබා ගැනීම සඳහා නිකුත් කර ඇති ආඥා පනත.
1937 අංක 07 දරන ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත.
ශ්රී ලංකාවේ ණය උත්පාදන කරනු වස් ලියාපදිංචි ව්යාපාර කොටස්, රජයේ පොරොන්දු නෝට්ටු සහ ධාරක බැඳුම්කර ඇති කිරීමට හා නිකුත්කිරීමට අදාළව විධිවිධාන ඇතුලත් ආඥා පනත.
1953 අංක 24 දරන විනිමය පාලන පනත.
මෙම පණත මගින් රන් මුදල්, ගෙවීම්, සුරැකුම් ණය සහ ආයනය, අපනයන, දේපල පැවරුම් වැනි අංශ පිළිබඳ කටයුතු පරිපාලනය කිරීමට අවසර දීම හා යුතුකම් හා සීමාකිරීම් පැනවීමටත් ඒ සම්බන්ධ වු කරුණු සම්පාදනයටත් මහ බැංකුවට අධිකාරී බලය ලබාදීම ඇතුලත් පණතකි.
1988 අංක 30 දරන බැංකු.
මෙම පණත මගින් බැංකු ව්යාපාර පවත්වාගෙන යන පුද්ගලයන් සම්බන්ධ බලපත්‍ර ලබාදීමේ ක්රියාපටිපාටිය හඳුන්වාදීම සහ ක්රියාත්මක කිරීම හා ඒ හා සම්බන්ධ විධිවිධාන ක්රියාත්මක කිරීම ඇතුලත් පණතකි.
2011 අංක 42 දරන මුදල් ව්යාපාර පනත.
මෙම පණත මූල්‍ය සමාගම් විධිමත්කරනය සහ අධික්ෂණය සඳහාත් ඒ හා බැඳුනු කරුනු සඳහාත් විධිවිධාන සලසන පනතකි.
2000 අංක 56 දරන කල්බදු සමාගම් පනත.
මෙම පණත කල්බදු මූල්‍ය ව්යාපාර සමාගම් විධිමත්කරනය සහ නිරීක්ෂණය සඳහාත් කල්බදු විකුණුම්කරුවන්, කල්බදු විකුණුම්කරුවන් සහ එම උපකරණ සපයන්නන් සඳහා බලපවත්වන අයිතිවාසිකම් යුතුකම් පැහැදිලි කිරීම හා ඒ හා බැඳුනු ප්රතිපාදන සලසන පනතකි.
2005 අංක 28 දරණ ගෙවීම් හා පියවීම් පද්ධති පනත.
ගෙවීම්, නිශ්කාෂණය සහ පියවීම් වලට අදාල රෙගුලාසි ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් පැවැරීම් මුදල් සේවාවන් සපයන්නන්ට අදාල නීති, විද්යුත් චෙක්පත්වලට අදාල නීති සහ මේ හා සම්බන්ධ අනිකුත් කරුණු හා බැඳුනු නීති මෙම පනත මගින් සපයනු ලැබේ.
2006 අංක 6 දරණ මූල්‍ය ගනුදෙනු වාර්තාකරණ පනත.
ත්රස්තවාදය හා සම්බන්ධ මුදල් විශුද්ධිකරණය හා මූල්යකරණයේ වැරදි වළක්වාලීම, අඩුකර ගැනීම, නිරීක්ෂණය කිරීම සහ පැමිණිලි කිරීම සඳහා පහසුකම් සපයන සැක කටයුතු මූල්‍ය ගනුදෙනු වලට අදාල දත්තයන් රැස්කිරීම සඳහා නිතී රීති මෙම පනතින් සපයයි. තවද, මෙම පනතට අදාල සෑම ආයතනයකම වගකිව යුතු නිලධාරීන් හඳුනාගැනීම, මේ හා සම්බන්ධ තොරතුරු සැපයීමට අදාල ප්රතිපාදන සැපයීම මෙම පනතින් සිදුකෙරේ.
► නියාමන, උපදෙස්, රීති, මෙහෙයුම් නිර්නායක, චක්රලේඛ සහ මෙහෙයුම් උපදෙස්
මහ බැංකුවේ ඇතැම් දෙපාර්තමේන්තුවලට කටයුතු කරගෙනයාම සඳහා නෛතිකව බලතල සෘජුවම
ලැබී ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නෛතිකව පනවා ඇති කටයුතු කරගෙන යාමට සෙසු දෙපාර්තමේන්තුවලට
බාර දී තිබේ. ඒ අනුව වරින් වර මූල්‍ය ක්‍රමයේ ස්ථායිතාවය ළඟාකර ගැනීමට අමාත්‍යවරයා
මඟින් උපදෙස්, මෙහෙයුම් නිර්නායක, චක්රලේඛ සහ මෙහෙයුම් උපදෙස් නිකුත්කිරීමට එම දෙපාර්තමේන්තුවලට
බලතල පවරා ඇත.
► බලපත්රදීම, ලියාපදිංචි කිරීම, පත්කිරීම් සහ
අනුමැතියදීමේ ක්රියාපටිපාටිය
දේශීය බැංකුවක්, විදේශීය බැංකු ශාඛාවක්, මූල්‍ය සමාගමක්, මූල්‍ය කල්බදු සමාගමක්, ප්රාථමික වෙළෙන්ඳෙක්, විදේශීය මුදල් මාරුකරන්නෙක් ලෙස ආයතනයක් පිහිටුවීමේ දී අනුගමනය කළ යුතු අවශ්යතා හා අනුගමනය කල යුතු ක්රියාපටිපාටි ශ්රී ලංකා මහ බැංකුව විසින් වරින් වර නිකුත් කරයි.
Comments
Post a Comment