ප්‍රාදේශීය සංවර්ධනය

 ප්රාදේශීය සංවර්ධනය.


ප්‍රාදේශීය සංවර්ධනය උදෙසා ගන්නා වු ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කිරීම මහ බැංකුවේ නියෝජිත සේවා වලින් එකකි. එහිලා ඒ සඳහා උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන් එනම් ශ්‍රී ලංකා රජය, මූල්‍ය ආයතන, විදේශ ආධාර ප්‍රදානය කරන්නන් හා අනෙකුත් ණය දෙන ආයතන හා ණය ප්‍රතිලාභ ලබන ප්‍රතිග්‍රාහකයන් සම්බන්ධීකරණය කිරීම තුළින් ඔවුන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම හා දුගීභාවය අඩුකිරීම අරමුණුකොට ප්‍රතිලාභීන් වෙත ණය ගලායාම වැඩි දියුණු කිරීමට කටයුතු කරයි.

මෙය ග්‍රාමීය ප්‍රජාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද නිතර අවධාරනය කරන, ණය විනය ප්‍රවර්ධනය කරන අඩු පිරිවැයක් සහිත ණය බෙදාහැරීමේ වැඩසටහන් විධිමත්ව සකස් කිරීම හා ක්‍රියාවේ යෙදවීම තුලින් සහ සංවර්ධන ප්‍රයත්න උදෙසා අවශ්‍ය වන්නා වු තොරතුරු එම ප්‍රජාවට බෙදා හැරීම තුළින් ළඟා කර ගත හැකිය.

 

ප්රාදේශීය සංවර්ධන ණය වැඩසටහන්.

ආධාර සපයන ආයතනවලින් හා රජය විසින් සපයන අරමුදල්වලින් කරගෙන යනු ලබන ණය වැඩසටහන්, තෝරාගත් සහභාගිත්ව මූල්‍ය ආයතන හරහා එක් එක් ප්‍රදේශයන්හී ප්‍රධාන ආර්ථික අරමුණුකොට ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකා මහ බැංකුව රජය වෙන් වෙන් ප්‍රධාන නියෝජිත ආයතනය ලෙස කටයුත් කරයි.

 

කෘෂිකාර්මික අංශය

1.01 දෙවන බහු වාර්ෂික බෝග සංවර්ධන ව්‍යාපෘති චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය -SPCDPRF

1.02 තේ සංවර්ධන ව්‍යාපෘති චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය- TDPRF

1.03 නව සපිරි ණය යෝජනා ක්‍රමය - NCRCS

 

Small and Medium Enterprise Sector

2.01 මාතලේ ප්‍රාදේශීය ආර්ථික ප්‍රවර්ධන ව්‍යාපෘති චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය- MREAP

2.02 සබරගමු පළාත් ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය- SPIRDP

2.03 කුඩා ව්‍යාපාර යළි නගා සිටුවීමේ වැඩසටහන- SBRP

2.04 සූසහන ණය යෝජනා ක්‍රමය

2.05 Skills Development Project - SDP

2.06 පශ්චාත් සුනාමි ණය - යුරෝපා ආයෝජන බැංකු (ගිවිසුම බී) ණය වැඩසටහන

2.07 ඉදිකිරීම් අංශ සංවර්ධන ව්‍යාපෘතිය

 

ක්ෂුද්‍ර මූල්‍ය අංශය

2.01 වියලි කලාපීය ජීවනෝපායයන් සඳහා සහභාගීවීමේ සහ හවුල්වීමේ වැඩසටහන

2.02 කුඩා පරිමාණ බාහිර වැවිලිකරුවන් සංවර්ධන වැඩසටහන

2.03 සුළු ගොවීන් සහ ඉඩම් නොමැති අය සඳහා වන ණය ව්‍යාපෘතිය චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය

2.04 දිළිඳුකම පිටුදැකීම සඳහා වන සුළු පරිමාණ ණය ව්‍යාපෘතිය චක්‍රීය අරමුදල් ණය යෝජනා ක්‍රමය

 

මෙම වැඩසටහන් ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.


ණය සහතික කිරීමේ යෝජනා ක්රම.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ අංක 108 (1) ඡේදයට අනුව,විශේෂ සංවර්ධන වැඩසටහන් යටතේ ඇප අවාරණ ලැබීමට සුදුසු බැංකු ආයතන විසින් ප්‍රදානය කරන ලද ණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ශ්‍රී ලංකා රජයේ නියෝජිතයා ලෙස හෝ රජය වෙනුවෙන් කටයුතු කරයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ණය දෙන ආයතන විසින් සුළු පරිමාණ ව්‍යවසායකයින්ට දෙන ලද ණය, අත්තිකාරම් හා අනෙකුත් පහසුකම් සඳහා ද ඇප ආවරණ සැප්‍යීමට හැකිවනු පිණිස 1974 දී මුදල් නීති පනතේ 108 ඡේදයට 108 (අ) ලෙස සංශෝධනයක් ගෙන එන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සුළු පරිමාණ ව්‍යවසායකයින් හා කෘෂිකාර්මාන්ත කටයුතු සඳහා ක්‍රියාත්මක කරන ඇප ආවරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මෙම සංශෝධනය පිටිවහලක්ව ඇත.

 

අරමුණ

 

සහභාගිත්ව මූල්‍ය ආයතනයන්ට සහ සහභාගිත්ව ණය සපයන ආයතනයන්ට සිය ණය අවදානමින් කොටසක් ආවරණය සඳහා ඇප ආවරණ සැපයීම ප්‍රධාන අරමුණ වේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති එවැනි ණය ඇප ආවරණ ක්‍රියාත්මක කිරීමේ වගකීම ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට පවරා ඇත. ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට ශ්‍රී ලංකා රජය හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙනුවෙන්, ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහය යටතේ හා අරමුදල් ප්‍රදානයන් මත ක්‍රියාත්මක කරන ලද ණය යෝජනා ක්‍රමවලට ණය ඇප ආවරණ සැපයීම සඳහා ණය ඇප ආවරණ යෝජනා ක්‍රම 12 ක් ක්‍රියාත්මක කරයි.

 

අරමුදල් මූලාශ්‍ර :

 

(a) ශ්‍රී ලංකා මහ බැංකුවෙන්/ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු බීජ අරමුදල.

(b) සහභාගිත්ව ණය ආයතන හා සහභාගිත්ව මූල්‍ය ආයතනවලින් ලැබුණු වාරික.

(c) ආයෝජන ආදායම්.

 

ශ්‍රී ලංකා මහ බැංකුව අරමුදල් සැපයු ණය යෝජනා ක්‍රම

 

01   සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ණය යෝජනා ක්‍රමය.           (SMI)

02   සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිදීමේ ණය ‍යෝජනා ක්‍රමය.      (SMAP)

03   බස් මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය.                   (BPL)

04   කෘෂිකර්ම පුනරුත්ථාපන ව්‍යාපෘති ණය යෝජනා ක්‍රමය.         (ARP)

05   සූසහණ ඇප ආවරණ යෝජනා ක්‍රමය.                    (SUSAHANA)

06   බහු වාර්ෂික භෝග සංවර්ධන ව්‍යාපෘති ණය යෝජනා ක්‍රමය.       (PCDP)

07   කුඩා තේ වතු හිමියන්ගේ සංවර්ධන ණය යෝජනා ක්‍රමය.         (SHTDP)

08   වැවිලි අංශයේ ප්‍රතිසංස්කරණ ව්‍යපෘතිය.                   (PSRP)

 

ශ්‍රී ලංකා රජය අරමුදල් සැපයු ණය ඇප ආවරණ යෝජනා ක්‍රම

 

01   නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය.                    (NCRCS)

02   තේ සංවර්ධන ව්‍යාපෘති ණය යෝජනා ක්‍රමය.                (TDP)

03   දෙවන බහු වාර්ෂික භෝග සංවර්ධන ණය යෝජනා ක්‍රමය.        (SPCDP)

04   ඇඟළුම් අංශයේ ඇප ආවරණ යෝජනා ක්‍රමය.               (Apparel)

 

ණය ඇප ආවරණ යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීම.

 

ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඕනෑම රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමකට අඩුවැඩි වශයෙන් සමානය. එක් එක් ණය ඇප ආවරණ යෝජනා ක්‍රමයන්හී නීති රීතිවලට අනුම මෙම යෝජනා ක්‍රම යටතේ අදාළ සහභාගිත්ව ණය දෙන ආයතනය යම් යම් කටයුතු ඉටුකිරීමට වගකීමක් දරයි. ඒවා අතර ප්‍රධාන වගකීම් වන්නේ,

 

·        ව්‍යාපෘතිවල ආර්ථික හා මූල්‍ය ශක්‍යතාව තහවුරු කර ගැනීම උදෙසා නිවැරදිව ඇගයීම.

·        නිශ්චිත සීමාවකට වැඩි ණය සම්බන්ධයෙන් අරමුදල් ප්‍රදානය කරන ආයතනයෙන්/ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පුර්ව අනුමැතිය ලබා ගැනීම.

·        ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් අනුව ප්‍රමාණවත් ආරක්ෂණයක් ලබා ගැනීම.

·        ණය ප්‍රදානයේ දී නිසි සැලකිල්ලෙන් හා විචක්ෂණභාවයෙන් කටයුතු කිරීම, පැහැර හරින ලද ණය සම්බන්ධ සෑම මාස 6 කට වරක්ම ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා සැපයීම හා ඉල්ලීමක් ගොනුකරන තුරු සහභාගිත්ව ණය දෙන ආයතනයේ අලාභය අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම.

·        ශ්‍රී ලංකා මහ බැංකුව ඇප ආවරණයක් නිකුත් කිරීමෙන් පසු වාරික මුදල් නොකඩවා නියමිත වේලාවට ගෙවීම මඟින් ඇප ආවරණයෙහි විලංගුභාවය පවත්වා ගැනීම හා අවශ්‍යවන්නා වු ලේඛන ‍ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබිමට සැලැස්වීම.

 

නොගෙවා පැහැර අරින ණය සම්බන්ධයෙන් සහභාගිත්ව ණය දෙන ආයතනය ණය ඇප ආවරණ හිමිකම් ඉල්ලා සිටි විට මහ බැංකුව විසින් එම ඉල්ලීම සලකා බලන්නේ සහභාගිත්ව ණය දෙන ආයතනය, ණය ආපසු අයකරගන්නා අදහසින් ණය පැහැර හැරී අයට විරුද්ධව නීතිමය පියවර ආරම්භකොට ඇත්නම් පමණි. පියවීම් අවසාන වු පසුව සහභාගිත්ව ණය දෙන ආයතනයට ණය ආපසු අයකර ගැනීම් වශයෙන් ලැබුණු කවර හෝ මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ බෙදාගැනීම අවශ්‍ය වේ.

 

ඉදිරි වෙළෙඳ ගිවිසුම් ප්රවර්ධනය කිරීම.

ඉදිරි වෙළෙඳ ගිවිසුමක් යනු අලෙවිකරුවෙක් හා මිලදී ගන්නෙක් අතර ඇතිකර ගන්නා වු නීත්‍යානුකූල ගිවිසුමකි. මෙම ගිවිසුම මඟින් ‍අලෙවිකරු නිශ්චිත ගුණාත්මක භාවයෙන් යුත් යම් කෘෂිකාර්මික භාණ්ඩයක් දෙන ලද දිනයක, කලින් නියමකරගත් මිලකට අලෙවි කිරීමට (සහ ගැනුම්කරුට මිලදී ගැනීමට) එකඟ වේ. එවැන්නක් අලෙවිකරුට ස්ථීර ඇනවුමක් සහතික කරන අතර මිලදී ගන්නාට ස්ථිර සැපයුමක් නිශ්චය කරයි. මේ ආකාරයේ ක්‍රමයක් 1990 දී ගොවි සහනය නමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රවර්ධනය කරන ලදී.

 

ශ්‍රී ලංකාවේ දිගු කලක සිට බහුවාර්ෂික භෝග සඳහා මෙවැනි ඉදිරි වෙළෙඳ ගිවිසුම් අවිධිමත් පදනමකින් ක්‍රියාත්මක වුවද ගොවි සහනය විධිමත් පදනමක් සහිතව හඳුන්වා දුන් පළමු ඉදිරි අලෙවි ගිවිසුම් ප්‍රයත්නය විය. ඉදිරි වෙළෙඳ ගිවිසුම්හි නෛතික තත්ත්වය පැවත එන්නේ 1896 දී පනවන ලද භාණ්ඩ අලෙවි ආඥා පනතිනි. ශ්‍රී ලංකාවේ හඳුන්වා දුන් ක්‍රමයේ අලෙවිකරු හා ගැනුම්කරුට අමතරව ගිවිසුමට පහසුකම් සපයන්නා ලෙස සහභාගිවීමට බැංකුවකට ඉඩ ප්‍රස්ථාව සලසා ඇත.


ඉදිරි වෙළෙඳාම් ගිවිසුමක් පැහැදිලිවම ස්වෙච්ඡාවෙන් ඇතිකර ගන්නා එකඟතාවකි. එයට ගොවියා, අලෙවිකරු හා බැංකුවක යන පාර්ශව 3 ක් ඇතුලත්වන අතර, පාර්ශවකරුවන් තිදෙනාටම ගිවිසුමකට ඇතුලත් විය හැකිය. එය වෙළෙඳපොළ ක්‍රියාදාමය තුළින් මිල ස්ථාවර කරන ක්‍රමයක් වේ.


මෙම ගිවිසුම  ගොවියාගේ නිෂ්පාදනයට ස්ථිර මිලක් සහතික කිරීමට උපකාර වේ. නිෂ්පාදන වියදම සලකා බලා ස්ථාවර මිලක් නියම කල හැකිවන අතර ඉන් වෙළෙඳපොළ තත්ත්වයන් අනුව ශුද්ධ ලාභයක් ගොවියාට ලැබීම සහතික වෙයි. ඒ මඟින් ගැනුම්කරුට දෙන ලද මිලක් යටතේ සහතික කරන ලද සැපයුමක් නිසැකවම ලැබෙන අතර, පූර්ව සැලැස්මක් සහිතව හා ඵලදායී ලෙස මුදල් ගලායාමක් සිදුවන පරිදි භාණ්ඩ ලබා ගැනීමට හැකිය.


බැංකුවේ කාර්යය මේ ගිවිසුමේ හුදෙක්ම නිෂ්පාදන වියදම හා නිෂ්පාදනය ලබාගත හැකි කාලය පිළිබඳ තොරතුරු බෙදාදීම හා අලෙවිකරු හා ගැනුම්කරු මුණගැස්වීමයි. මේ සේවා සඳහා බැංකුකරුට අලෙවිකරු හා ගැනුම්කරුගෙන් කොමිස් මුදල් අයකර ගැනීමට හිමිකමක් ඇත. ඊට අමතරව මෙම ක්‍රියාදාමයට සෘජුවම ණය මුදලක් සැපයීමෙන් හෝ වක්‍රව පහසුකමක් සැලසීමෙන් මෙම ක්‍රියාදාමයට මූල්‍ය සේවා සැපයීමට බැංකුවට හැකිය. පෙර පැවති ක්‍රම යටතේ වගා කටයුතු ආරම්භ කිරීමට ගොවියාට ණයක් ප්‍රදානය කල හැකිය. නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණි පසුව එම ද්‍රව්‍ය මිලට ගැනීම සඳහාම ගැනුම්කරුට පහසුකම් ප්‍රදානය කල හැකිවේ.

 

ඉදිරි වෙළෙඳ ගිවිසුම් ප්‍රවර්ධනය යටතේ ඇති ණය පහසුකම.


ගොවියන් සමඟ ඔවුන්ගේ නිෂ්පාදනය යම් සාධාරණ මිලකට මිලදී ගැනීම සඳහා ඉදිරි වෙළෙඳ ගිවිසුමකට බැඳුනු ගැනුම්කරුට මිලදී  ගැනීම/තොග පවත්වා ගැනීම සඳහා ණය පහසුකම් ලබාගත හැකිය.

 

ණය ලාභියෙකුට දෙනු ලබන උපරිම ණය ප්‍රමාණය      : රුපියල් දශ ලක්ෂ 50.

ණය ආපසු ගෙවිය යුතු කාල සීමාව                              : දින 270.

 

ප්රාදේශීය කාර්යාල.

බැංකු ක්ෂේත්‍රයේ සහාය ඇති ව ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේ අදහසින් මාතර, අනුරාධපුර සහ මාතලේ යන නගරවල පළාත් කාර්යාල තුනක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භයේ දී පිහිටුවන ලදී. පළමු වන ප්‍රාදේශීය කාර්යාලය 1981 වසරේ දී මාතර විවෘත කරන ලද අතර පිළිවෙළින් 1982 සහ 1985 වසරවල දී අනුරාධපුර සහ මාතලේ දෙ වන සහ තුන් වන ප්‍රාදේශීය කාර්යාල විවෘත කරන ලදී. උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ සංවර්ධන ක්‍රියාකාරකම් වැඩි දියුණු කිරීමේ අදහසින්, ශ්‍රී ලංකා මහ බැංකුව එහි හතර වන පළාත් කාර්යාලය 2010 ජූලි මස 07 වන දින යාපනයේ දී ද පස් වන පළාත් කාර්යාලය 2010 නොවැම්බර් 12 වන දින ත්‍රිකුණාමලයේ දී ද විවෘත කළේ ය.


මෙහෙයුම් බල ප්‍රදේශය

 

රටෙහි පවත්නා පළාත් පරිපාලන ක්‍රමය සමඟ අනුගත වීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රාදේශීය කාර්යාලවල නිල නාමය පළාත් කාර්යාල ලෙස මෑතක දී නැවත නම් කළේ ය.

 

පළාත් කාර්යාලවල මෙහෙයුම් බල ප්‍රදේශ


  • පළාත් කාර්යාලය - දකුණු පළාත - ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක.
  • පළාත් කාර්යාලය - උතුරු මැද පළාත - අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක.
  • පළාත් කාර්යාලය - මධ්‍යම පළාත - මහනුවර, මාතලේ, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්ක.
  • පළාත් කාර්යාලය - උතුරු පළාත - යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම සහ වවුනියා දිස්ත්‍රික්ක.
  • පළාත් කාර්යාලය - නැගෙනහිර පළාත - ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක.

 

කෙසේ වුව ද, අවශ්‍යතාව මත, ඉහත සඳහන් පළාත් කාර්යාල මඟින් ආවරණය නො වන අනෙකුත් දිස්ත්‍රික්කවල ද සංවර්ධන ක්‍රියාකාරකම් මෙම පළාත් කාර්යාල මඟින් ම ක්‍රියාවේ යොදවනු ඇත.

 

අරමුණු


  • ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් පළාත්වල ක්‍රියාවට නැංවීම සහ සම්බන්ධීකරණය කිරීම සඳහා සහාය දීම.
  • ආර්ථික වර්ධනය සඳහා අවශ්‍ය මූල්‍යමය සහාය, මඟ පෙන්වීම සහ වෙළෙඳ සම්බන්ධතා සුමට ව සහ කාලීන ව සපයා දීම මඟින් ග්‍රාමීය ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම හා පළාත් හා සම්බන්ධ නියෝජිත සේවා සම්බන්ධීකරණය කිරීම.
  • විවිධ සංවර්ධන ක්‍රියාකාරකම් හරහා අදාළ පළාත්වල දිළිඳු බව පිටු දැකීම සහ ආර්ථික සහ සමාජ තත්ත්ව නඟාලීම සඳහා දායක වීම.

 

ප්‍රාදේශීය කාර්යාලවල කාර්යයන්

 

  • ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යයන් පළාත්වල ක්‍රියාවේ යෙදවීම.
  • ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ණය ලබා දෙන වැඩසටහන් සහ අනෙකුත් ප්‍රවර්ධන ක්‍රියාකාරකම් ක්‍රියාවට නැංවීමේ දී ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවට සහාය ලබා දීම.
  • ප්‍රාදේශීය තොරතුරු එකතු කිරීම සහ සකස් කිරීම, මහජනතාව දැනුම්වත් කිරීම සඳහා ආර්ථික සහ මූල්‍යමය දත්ත සහ තොරතුරු බෙදා හැරීම.
  • සම්මන්ත්‍රණ/වැඩමුළු ආදිය පැවැත්වීම මඟින් ග්‍රාමීය ජනතාව අතර බැංකු කටයුතු සහ සංවර්ධනය පිළිබඳ ව දැනුම්වත් කිරීම.
  • පළාතේ සංවර්ධන ක්‍රියාකාරකම්වලට බලපාන පළාත් ආශ්‍රිත විශේෂ ගැටළු හඳුනා ගැනීම පිණිස අවශ්‍ය ප්‍රාදේශීය සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා සහාය දීම සහ සමීක්ෂණය කිරීම.

 

සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය හා පරිපාලනය කිරීම.

 

1958 අංක 15 දරන පනත යටතේ පිහිටුවන ලද සේවක අර්ථසාධක අරමුදලේ  භාරකරු ලෙස සේවා දායකයින්ගෙන් දායක මුදල් ලබා ගැනීම, අතිරික්ත අරමුදල් ආයෝජනය කිරීම, විධිමත් ලෙස ගිණුම් පවත්වාගෙන යාම සහ සාමාජිකයන්ට ප්රතිලාභ ගෙවීම මුදල් මණ්ඩලයට පැවරී ඇත.


අර්ථසාධක අරමුදලේ භාරකරු ලෙස මුදල් මණ්ඩලයේ වගකීම්:


  • දායක මුදල්, අතිරේක ගාස්තු සහ ආයෝජනය සඳහා ආදායම් ලබාගැනීම.
  • කම්කරු කොමසාරිස්වරයා විසින් පනත යටතේ සුදුසු යැයි නිශ්චය කරනු ලබන සාමාජිකයන් සඳහා ප්රතිලාභ ගෙවීම.
  • අතිරික්ත අරමුදල් යෝග් සුරැකුම්වල ආයෝජනය කිරීම.
  • සාමාජිකයන්ගේ ගිණුම් ශේෂ සඳහා පොලී ගෙවීම.
  • පොදු ගිණුම් සහ එකිනෙක සාමාජිකයා වෙනුවෙන් විධිමත් ලෙස ගිණුම් පවත්වාගෙන යාම.
  • වාර්ෂික ගිණුම් ප්රකාශයට පත්කිරීම.
  • සාමාජික ගිණුම් ශේෂ ප්රකාශන කලික් කල නිකුත් කිරීම.
  • නිවාස ණය අවශ්යතා සඳහා සහතික පත් නිකුත් කිරීම සහ ගෙවීම් පැහැර හැරි ණය වාරික අදාල ණය දෙන ආයතනවලට ප්රතිපුර්ණය කිරීම.

            පෙර පිටුවට                              පටුනට                                  ඊලග පිටුවට

Comments

Popular posts from this blog

ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ හරියට දැනගන්න