නියෝජිත කටයුතු
5. නියෝජිත කටයුතු
► රාජ්‍ය ණය කළමනාකරණය
|
මු |
දල් නීති පනතේ 113 වගන්තියට අනුව රාජ්‍ය ණය කළමනාකරණය හා සම්බන්ධ වගකීම ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව වෙත පැවරී ඇත. ඒ අනුව, ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව, රජය වෙනුවෙන් ණය උපකරණ නිකුත් කිරීම සහ රජයේ දේශීය හා විදේශීය ණය සේවාකරණය සම්බන්ධ සියළු කටයුතු මෙහෙයවීම සිදු කරයි. මුදල් හා ක්‍රම සම්පාදන අමාත්යාංශය විසින් විදේශීය මූලාශ්‍ර වලින් ණය ලබාගැනීම සම්බන්ධ කටයුතු මෙහෙයවනු ලැබේ.
විචක්ෂණශීලී අවදානම් මට්ටමකට සහ අනුරූපව අවම පිරිවැයක් යටතේ රජයේ මූල්‍ය අවශ්යතා සපුරා ගැනීමත්, රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල වැඩිදියුණු කිරීම හා ශක්තිමත් කිරීමත්, එහි කාර්යක්ෂමතාවය වැඩි කිරීම හා ස්ථායිතාවය පවත්වාගෙන යාමත් රාජ්‍ය ණය කළමනාකරණයේ අරමුණු වේ.
රාජ්‍ය
ණය
කළමනාකරණයේදී
අනුගමනය
කළ
යුතු
උපාය මාර්ගයන්, අරමුණු
පිළිබඳව
කිසියම්
නීතියකින්
පැහැදිලි
ලෙස
දක්වා
නොමැති වුවද, රාජ්‍ය ණය කළමනාකරණය
තුලින්
පහත
සඳහන්
අරමුණු
ඉටු
කර
ගැනීමට
අදහස් කරන
බව
පැහැදිළිව
ගම්‍ය
වේ.
·
දිගුකාලින දෘෂ්ඨිකෝණයකින් බලන විට රාජ්‍ය ණය සඳහා වූ ඍජු හා වක්‍ර පිරිවැය අවම කිරීම.
·
ණය සේවාකරණ පිරිවැයෙහි උච්ඡාවචනයන් මගහැරීම සහ එහි තුලිත ව්යාප්තියක් සහතික කිරීම.
·
ණය ගෙවීම් අධික ලෙස ඒකරාශී වීම වැලැක්වීම.
·
ණය ප්රතිමූල්යකරණ අවදානම/නැවත නිකුත් කිරීමේ අවදානම අවම කිරීම.
·
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල ක්‍රියාකාරිත්වයේ කාර්යක්ෂමතාවය ප්‍රවර්ධනය කිරීම.
·
රාජ්‍ය ණය සේවාකරණය 100% ක නිරවද්යතාවයකින් යුක්තව නියමිත වේලාවට සිදු කිරීම.
● සමස්ථ නිරීක්ෂණ
දේශීය ණය කළමනාකරණ උපාය මාර්ගයන් ප‍්‍රධාන වශයෙන්ම පහත දැක්වෙන කටයුතු කෙරෙහි යොමු වී ඇත.
Ø පුළුල් මූල්යකරණ සහ ආයෝජක පදනමක් සංවර්ධනය කිරීම මගින් අවම පිරිවැයක් යටතේ රජයේ මූල්‍ය අවශ්යතාවයන් සපුරා ගැනීම සඳහා ප්‍රමාණවත් සම්පත් රැස් කිරීම.
Ø මධ්යම තැන්පතු ක්රමය (CDS) ලෙස හඳුන්වන රජයේ සුරැකුම්පත්හි රාජ්‍ය ණය ලේඛනය පවත්වාගෙන යාම සහ සියළු රජයේ සුරැකුම්පත් හා සම්බන්ධ ගනුදෙනු 100% ක නිරවද්යතාවයකින් යුතුව මධ්යම තැන්පතු ක්රමය යටතේ සටහන් වී ඇති බව සහතික කිරීම.
Ø දේශීය හා විදේශීය ණය සේවාකරණය නියමිත වේලාවට සිදු කිරීම.
Ø කෙටිකාලීන හා දිගුකාලීන ණය අතර මනා සමබරතාවයක් සහතික කරමින්, ණය කළඹෙහි අවදානම පිළිගත හැකි මට්ටමක පවත්වා ගැනීම.
Ø දිගුකාලීන ඵලදා වක්‍රයක් හා පාදක පරිණතීන් සහිත සුරැකුම්පත් ගොඩනැගීම, වෙළෙඳපොල සඳහා ප්‍රමාණවත් ලෙස සුරැකුම්පත් සැපයීම සහ ආයතනික සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීම තුලින් මනා කි‍්‍රයාකාරිත්වයක් සහිත ණය සුරැකුම්පත් වෙළෙඳපොලක් හඳුන්වා දීම.
Ø පවත්නා සාර්ව ආර්ථික වර්ධනයන් සහ වෙළෙඳපොල තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, කාලෝචිත ණය කළමනාකරණ උපාය මාර්ගයන් පිළිබඳව මුදල් අමාත්යාංශයට උපදෙස් දීම.
Ø රජයේ ණය කළමනාකරණය හා සම්බන්ධ තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, පවත්වාගෙන යාම සහ නවීකරණය කිරීම.
මුදල්
අමාත්යාංශයේ
සහ
ශ්‍රී‍්‍ර ලංකා
මහ
බැංකුවේ
ජ්යෙෂ්ඨ
නිලධාරීන්ගෙන්
සමන්විත
වන
දේශීය
ණය
කළමනාකරණ කමිටුව
විසින්
දේශීය
ණය
කළමනාකරණය
පිළිබඳ
ක්රමෝපායයන්
සැලසුම්
කරනු
ලැබේ. මාසිකව
රැස්වන
මෙම
කමිටුව
වෙළෙඳපොල
තත්ත්වයන්, වෙළෙඳපොලෙහි
රුචිකත්වයන්, මූල්යමය
සංවර්ධනයන්, උද්ධමනය, රජයේ
මූල්‍ය
අවශ්යතාවයන්, පවත්නා
ණය
කළඹෙහි පරිණත
වීමේ
ව්යුහය
හා
අවදානම
ආදිය
සලකා
බලමින්
වෙළෙඳපොල
හැසිරීම
පදනම් කරගත්
ක්රමෝපායයන්
සම්මත
කරගනු
ලැබේ. මෙම
ක්රමෝපායයන්
මත
පදනම්ව
සකස් කරගනු
ලබන
වාර්ෂික
හා
මාසික
ණය
ලබාගැනීමේ
සැලසුම්
රාජ්‍ය
ණය දෙපාර්තමේන්තුවේ
ඉදිරි
මෙභෙයුම්
අංශය
මගින්
කි‍්‍රයාත්මක
කරනු
ලැබේ.
සම්පත්
රැස්
කිරීම
සඳහා
පවතින
ප‍්‍රධාන
උපකරණ
වනුයේ
භාණ්ඩාගාර
බිල්පත්
(දින 91, දින
182 සහ
දින
364 පරිණතීන්ගෙන්
සමන්විත), භාණ්ඩාගාර
බැඳුම්කර (අවුරුදු
2 - 20 පරිණතීන්ගෙන්
සමන්විත) සහ රුපියල්
ණය
(අවුරුදු
3 - 30 පරිණතීන්
සහිත) වේ. රජයේ
ණය
සුරැකුම්පත්
නිකුත්
කිරීම
සඳහා
භාවිතා
කරන ආයතනික
යාන්ත්‍රණය
ප්රාථමික
අලෙවිකරු
ක්‍රමයයි. වෙන්දේසි
සහ
ඍජු නිකුතු
මගින්
ශ්‍රී‍්‍ර
ලංකා
මහ
බැංකුව
විසින්
පත්
කර
ඇති
රජයේ සුරැකුම්පත්හි
ප්රාථමික
අලෙවිකරුවන්
වෙතට
ප්රාථමික
නිකුතු
සිදු
කරනු ලැබේ. ශ්‍රී‍්‍ර ලංකා
මහ
බැංකුව
විසින්
හඳුන්වා
දී
ඇති
ඉලෙක්ට්රොනික
ලංසු ඉදිරිපත්
කිරීමේ
පහසුකම
මගින්
ලංසු
කැඳවීමෙන්
වෙන්දේසි
සිදු
කරනු
ලැබේ.
වර්තමානයේ
රාජ්‍ය
ණය
දෙපාර්තමේන්තුව
විසින්
විදේශ
ණය
696 ක්
පමණ
ද, 2011 වර්ෂ
අවසාන
වන
විට රුපියල්
බිලියන
2,804 ක්
වූ
දේශීය ණය කළඹක්
ද
සේවාකරණය
කරනු
ලැබේ. මෙම
ණය
ගෙවිම්
පිළිබඳ
වගකීම්
අධීක්ෂණය කිරීම
සහ
නියමිත
වේලාවට
සේවාකරණය
කිරීම
සඳහා
කාර්යක්ෂම
යාන්ත්‍රණයක්
සකස් කර ඇත. වාර්ෂික
සහ
මාසික
ණය
පුරෝකථනයන්
රාජ්‍ය
ණය
දෙපාර්තමේන්තුවේ
පසු මෙභෙයුම්
අංශය
විසින්
අධීක්ෂණය
කරනු
ලබන
අතර
ගෙවිම්
පිළිබඳ
වගකීම් අභ්යන්තර
කමිටුවක්
විසින්
පරීක්ෂා
කර
අනුමත
කරනු
ලැබේ.
2004 වර්ෂයේ සිට ගෙවීම, පියවීම සහ දේශීය ණය සේවාකරණය නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය (SSSS) සහ තත්කාලීන දල පියැවුම් පද්ධතිය (RTGS) මගින් සිදු කරනු ලැබේ. මධ්යම තැන්පතු ක්රමය නමින් හඳුන්වනු ලබන ඉලෙක්ට්රොනික හිමිකම් ලේඛනයක රජයේ සුරැකුම්පත් සම්බන්ධ සියළු ගනුදෙනු පවත්වාගෙන යාම මගින් ආයෝජක රුචිකත්වය තහවුරු කර ඇත. නිර්ලේඛන සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ තත්කාලීන දළ පියැවුම් පද්ධතිය තුලින් අරමුදල් පියවීම සිදු කිරීමෙන් ගණුදෙනු ප්රමාණය වැඩි කිරීමටත්, වෙළෙඳපොල කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමටත්, එමගින් ණය ලබාගැනීමේ පිරිවැය දිගුකාලීනව අඩු කිරීමටත් හැකියාව ලැබේ.
රජයේ සුරැකුම්පත් වෙළෙඳපොල ව්යාප්ත කිරීම හා එහි පදනම් පුළුල් කිරීම සහ අවම පිරිවැයක් යටතේ අරමුදල් රැස් කිරීම යන අරමුණු සහිතව කැපවූ ප්රාථමික අලෙවිකරු ක්රමය (PD) 2000 වසරේදි හඳුන්වා දෙන ලදී. වර්තමානයේ ප්රාථමික අලෙවිකරුවන් 12 දෙනෙකු මෙම කටයුතුවල නිරතව සිටියහ. වෙළෙඳපොල අවදානමට නිරාවරණය වීම අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පුළුල් කිරීම සඳහා 2009 දෙසැම්බර් 02 දින සිට සැලකියයුතු සීමාවන්ට යටත්ව ඔවුන්ගේ කි‍්‍රයාකාරිත්වය විවිධාංගිකරණය සඳහා ප්රාථමික අලෙවිකරුවන්ට අවසර ලබා දෙන ලදී. ප්රාථමික අලෙවිකරු පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ස්ථායිතාවය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් අවශ්ය විධි විධාන නිකුත් කිරීම, මගපෙන්වීම සහ ප්රතිපත්තීන් සම්පාදනය ද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් එතැන් පරීක්ෂණ සහ දුරස්ථ පරීක්ෂණ පැවැත්වීම ද සිදු කරනු ලබයි.
ණය ගෙවීම් සහ සේවාකරණ වගකීම් ඇතුළුව සියළු විදේශ ණය වාර්තා මුදල් අමාත්යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ඇති පොදු රාජ්‍ය මණ්ඩලය විසින් නිර්මාණය කරන ලද “පොදු රාජ්‍ය මණ්ඩලීය ණය වාර්තාකරණ සහ කළමනාකරණ පද්ධතිය” (CS-DRMS) නමින් හඳුන්වන දත්ත පදනමක පවත්වාගෙන යනු ලැබේ. දේශීය ණය හා සම්බන්ධ තොරතුරු ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ මධ්යම තැන්පතු ක්රමය තුළ සහ වෙනත් ආරක්ෂිත දත්ත පදනම් වල පවත්වාගෙන යනු ලැබේ.
ණය කළඹ පිළිබඳ තොරතුරු මහජනතාවගේ සහ වෙළෙඳපොල සහභාගිකරුවන්ගේ දැනගැනීම සඳහා සතිපතා, මාසිකව සහ වාර්ෂිකව ප්‍රසිද්ධ කරනු ලැබේ.
ආයෝජක පදනම පුළුල් කිරීම සඳහා, නොපියවූ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර තොගයන්ගෙන් සියයට 12.5 ක් බැගින් වූ උපරිමයකට යටත්ව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොල විදේශීය ආයෝජකයන්ට සහ විදේශයන්හි පදිංචි හා විදේශ රටවල රැකියාවල නියුතු ශ්‍රී‍්‍ර ලාංකිකයින් වෙත විවෘත කරන ලදී.
· ශ්‍රී‍්‍ර ලංකාවේ භාවිතා කෙරෙන රජයේ සුරැකුම්පත්
භාණ්ඩාගාර බිල්පත්
|
භාණ්ඩාගාර බිල්පත්වල විශේෂ ලක්ෂණ |
|
|
නිකුත් කරන්නා |
ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජය
|
|
පරිණත කාලය |
දින 91,
දින 182 හා දින 364 |
|
මුදල් වර්ගය |
ශ්‍රී‍්‍ර ලංකා රුපියල් |
|
නිකුත් කරන ක්රමය |
වෙන්දේසි මගින් |
|
වෙන්දේසි කරන ක්රමය |
තරඟකාරී ලංසු මගින් |
|
ලංසු තැබීම |
ප්රාථමික අලෙවිකරුවන් විසින් |
|
සුදුසුකම් ලබන ආයෝජකයින් |
ශ්‍රී‍්‍ර ලංකා පුරවැසියන් (ආයෝජනය කළ හැකි බිල්පත් ප්රමාණය මත සීමාවන් පනවා නැත) විදේශ රටවල අරමුදල්, ශ්‍රී‍්‍ර ලංකා සුරැකුම් සහ විනිමය කොමිසම විසින්
අනුමත කරන ලද අන්‍යෝන්‍ය අරමුදල් හෝ ප‍්‍රාදේශීය අරමුදල්, ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද සංස්ථාපිත ආයතන සහ විදේශ රටවල පුරවැසියන් (නොපියවා ඇති බිල්පත්වල මුළු එකතුවෙන් සියයට 12.5 ක ප‍්‍රමාණයක් විදේශ
ආයෝජකයින් සඳහා වෙන් කර ඇත.)
|
|
පොලී ගෙවීම් |
බිල්පත් වට්ටම් මත නිකුත් කරනු ලබන අතර කල් පිරීමේදී පොලිය ගෙවනු ලැබේ. |
|
ප්රාථමික වෙන්දේසියේ ලංසුවක අවම වටිනාකම |
රුපියල් මිලියන පහක් (රු. 5,000,000)
වන අතර සියළුම ලංසු රුපියල් මිලියන එකේ (රු. 1,000,000)
ගුණිතයෙන් විය යුතුය. |
|
ප්රාථමික වෙළෙඳපොලෙහි අලෙවි කරන ක්රමය |
සතිපතා වෙන්දේසි මගින් මිල පදනම මත ප්රාථමික අලෙවිකරුවන් වෙත නිකුත් කරනු ලැබේ. |
|
පොලී අනුපාතිකය |
වෙළෙඳපොල බලවේග මත තීරණය වේ. |
|
ආයෝජන ඒකකයක අවම වටිනාකම |
රුපියල් එකයි (රු. 1/-) |
|
ආපසු ගෙවීම |
පරිණත වීමේදී මුහුණත වටිනාකම ආපසු ගෙවනු ලැබේ. |
|
බදු |
පොලී ආදායම මත 10% රඳවා ගැනීමේ බද්දක් ප්රාථමික නිකුතුවේදී අය කරනු ලැබේ. මුද්දර බදු වලින් නිදහස්ය. |
|
ද්විතීයික වෙළෙඳපොලෙහි අලෙවිය |
ප්රාථමික අලෙවිකරුවන් හෝ වාණිජ බැංකු මාර්ගයෙන් |
භාණ්ඩාගාර බැඳුම්කර
|
භාණ්ඩාගාර බැඳුම්කරවල විශේෂ ලක්ෂණ
|
|
|
නිකුත් කරන්නා |
ශ්‍රී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජය |
|
පවත්නා ණය උපකරණ |
සම්ප්‍රදායික බැඳුම්කර සහ උද්ධමනය හා බැඳුනු බැඳුම්කර |
|
පරිණත කාලය |
සම්ප්‍රදායික බැඳුම්කර : වසර 2-20
|
|
මුදල් වර්ගය |
ශ්‍රී‍්‍ර ලංකා රුපියල් |
|
නිකුත් කරන ක්රමය |
වෙන්දේසි මගින් |
|
වෙන්දේසි කරන ක්රමය |
තරඟකාරී ලංසු මගින් |
|
ලංසු තැබීම |
ප්රාථමික අලෙවිකරුවන් විසින් |
|
සුදුසුකම් ලබන ආයෝජකයින් |
·
ශ්‍රී‍්‍ර ලංකා පුරවැසියන් (ආයෝජනය කළ හැකි බැඳුම්කර ප‍්‍රමාණය
මත සීමාවන් පනවා නැත) ·
විදේශ රටවල අරමුදල්, ශ්‍රී‍්‍ර ලංකා
සුරැකුම් සහ විනිමය කොමිසම විසින් අනුමත කරන ලද අන්‍යෝන්‍ය අරමුදල් හෝ ප‍්‍රාදේශීය
අරමුදල්, ශ්‍රී‍්‍ර ලංකාවෙන් පිටත සංස්ථාගත කරන ලද සංස්ථාපිත ආයතන සහ විදේශ රටවල පුරවැසියන්
(නොපියවා ඇති බැඳුම්කරවල මුළු එකතුවෙන් සියයට 12.5 ක ප‍්‍රමාණයක් විදේශීය ආයෝජකයින් සඳහා වෙන් කර ඇත.) |
|
පොලී ගෙවීම් |
·
සම්ප්‍රදායික බැඳුම්කර: නිශ්චිත වූ අර්ධ වාර්ෂික කූපන් ගෙවීම්. ·
උද්ධමනය හා බැඳුන බැඳුම්කර : පාරිභෝගික මිල දර්ශකය පදනම් කරගත් අර්ධ වාර්ෂික කූපන් ගෙවීම් . |
|
ප්රාථමික වෙන්දේසියේ අවම ලංසුවේ මිල |
රුපියල් මිලියන පහ (රු. 5,000,000/-)
ක් වන අතර සියළුම ලංසු රුපියල් මිලියන එකේ (රු. 1,000,000)
ගුණිතයෙන් විය යුතුය. |
|
ප්රාථමික වෙළෙඳපොළෙහි අලෙවිකරණ ක්රමය |
තරඟකාරී වෙන්දේසි මගින් මිල පදනම මත ප්රාථමික අලෙවිකරුවන් වෙත නිකුත් කරනු ලැබේ. |
|
පොලී අනුපාතිකය |
වෙළෙඳපොළ බලවේග මත තීරණය වේ. |
|
ආයෝජන ඒකකයක අවම වටිනාකම |
රුපියල් එකයි (රු. 1/-) |
|
ආපසු ගෙවීම |
පරිණත වීමේදී මුහුණත වටිනාකම ආපසු ගෙවනු ලැබේ. |
|
බදු |
ප්රාථමික නිකුතුවේදී පොලී ආදායම මත 10% රඳවා ගැනීමේ බද්දක් අය කරනු ලැබේ. මුද්දර බදු වලින් නිදහස්ය. |
|
ද්විතීයික වෙළෙඳපොළෙහි අලෙවිය |
ප්රාථමික අලෙවිකරුවන් හෝ බලපත්‍රලාභී වාණිජ බැංකු මාර්ගයෙන් |
ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කර
|
ශ්රී ලංකා සංවර්ධන බැඳුම්කරවල විශේෂ ලක්ෂණ |
|
|
නිකුත් කරන්නා |
ශ්රී ලංකා ප්රජාත්රන්ත්රවාදී සමාජවාදී ජනරජය |
|
පරිණත කාලය |
වසර 2-3 |
|
මුදල් වර්ගය |
අ.එ.ජ ඩොලර් |
|
නිකුත් කරන ක්රමය |
නිකුත් කරන ක්රමය |
|
වෙන්දේසි කරන ආකාරය |
ආන්තිකය මත පදනම් වු තරඟකාරි ලංසු මගින් |
|
ලංසු තැබීම |
ශ්රී ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද නිලලත් නියෝජිතයින් විසින් |
|
පොලී ගෙවීම් |
අර්ධ වාර්ෂිකව ගෙවීම් සිදු කරන අතර හය මසක් සඳහා වු ලන්ඩන් අන්තර් බැංකු පිරිනැමුම් අනුපාතිකයට නියම කරන ලද ආන්තිකයන් එකතු කිරීමෙන් ලබා ගන්නා විචල්‍ය අනුපාතිකයන් මත පොලී ගණනය කෙරේ. අදාල වන ආකාරයට වසර 05
ක පරිණත භාවයකින් යුත් අ.එ.ජ සුරුකුම් පත්,
එක්සත් රාජධානියේ සුරුකුම්පත් හෝ ජර්මන් රජයේ සුරැකුම්පත් සඳහා ගෙවන පොලිය මත පදනම්ව සිදු කෙරේ. |
|
වෙන්දේසියට එවිය හැකි ලංසුවක වෙන්දේසියට එවිය හැකි ලංසුවක |
වෙන්දේසියේ දී ආයෝජනය කළ හැකි අවම ප්රමාණය අ.එ.ජ ඩොලර් 100,000 කි. ද්විතීයික වෙළෙඳපොළෙහි ආයෝජනය කළ හැකි අවමය අ.එ.ජ ඩොලර් 100,000 කි. |
|
ප්රාථමික වෙළෙඳපොළෙහි අලෙවි වන ආකාරය |
තරඟකාරී
වෙන්දේසි මගින් සුදුසුකම් ලබන නිලලත් නියෝජිතයින් වෙත නිකුත් කරනු ලැබේ. |
|
ආයෝජකයින් සඳහා තිබිය යුතු |
විදේශ
පුරවැසියන් හා ආයතන, අනේවාසික ශ්රී ලාංකිකයන්, ශ්රී ලංකාවේ හා වෙනත් රටක ද්විත්ව පුරවැසිභාවය ඇති බලයලත් අලෙවිකරුවන්,
ප්රාථමික අලෙවිකරුවන්,
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය සමග ගිවිසුමට ඇතුළත් වු විශේෂිත සමාගම් සහ රක්ෂණ කර්මාන්ත පනත යටතේ ලියාපදිංචි වු රක්ෂණ සමාගම් |
|
ගෙවීම් කරන නියෝජිතයා |
ලංකා බැංකුව |
|
ආපසු ගෙවීම |
සුරැකුම්පත් පරිණත විමේ දී සම මිලට ආපසු ගෙවනු ලැබේ. |
|
බදු |
ශ්රී ලංකාවේ දී ගෙවන ආදායම් බදු නිකුත් කරන්නා විසින් ආපසු ගෙවනු ලැබේ. |
|
ද්විතීයික වෙළෙඳපොළ අලෙවිය
|
නිලලත්
නියෝජිතයින් මගින් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ යුතුය. |
● රජයේ
ණය සුරැකුම්පත්වල ආයෝජනය කරන්නේ කෙසේ ද?
භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම.
දේශීය
ආයෝජකයෙකු
භාණ්ඩාගාර බිල්පතක්
හෝ
භාණ්ඩාගාර
බැඳුම්කරයක්
මිලදී
ගැනීමට
අපේක්ෂා
කරන්නේ
නම්, එම ආයෝජකයාට
එය
ප්රාථමික
අලෙවිකරුවකු
හෝ
ලියාපදිංචි
වාණිජ
බැංකුවක්
හරහා ද්විතීයික
වෙළෙඳපොලෙන්
මිලදී
ගත
හැක. විදේශ
ආයෝජකයෙකු
හෝ
විදේශගතව
ජීවත් වන ශ්‍රී‍්‍ර
ලාංකිකයෙකු
නම්, එවැනි
ආයෝජනයක්
සඳහා
ශ්‍රී‍්‍ර
ලංකා
මහ බැංකුව
විසින්
පත්
කර
ඇති
ප‍්‍රධාන
කළමනාකරුවකු
මගින්
සිදු
කළ
හැක.
ඔබට
මිලදී
ගැනීමට
අවශ්ය
රජයේ
සුරැකුම්පත්
වර්ගය
තෝරා
ගැනීම.
·
භාණ්ඩාගාර බිල්පත් - ශ්‍රී‍්‍ර
ලංකා
පුරවැසියන්ට, විදේශයන්හි
ජීවත්වන/ රැකියාවල නියුතු
ශ්රී ලාංකිකයන්ට සහ විදේශ
ආයෝජකයින්ට
ලබාගත
හැක.
·
භාණ්ඩාගාර
බැඳුම්කර - ශ්‍රී‍්‍ර ලාංකික
පුරවැසියන්ට, විදේශයන්හි
ජීවත්වන/ රැකියාවල
නියුතු
ශ්රී ලාංකිකයින්ට
සහ
විදේශ
ආයෝජකයන්ට
ලබා
ගත
හැක.
ප්රාථමික වෙළෙඳපොල
- භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි පිළිබඳ විස්තර වෙන්දේසි දිනයට දින 2 කට වත් පෙර පුවත්පත්වල පල කරනු ලැබේ. භාණ්ඩාගාර බිල්පත් සඳහා, සාමාන්යයෙන් වෙන්දේසිය පිළිබඳ වූ පුවත්පත් වෙළෙඳ දැන්වීම සඳුදා දිනවල පල කරන අතර වෙන්දේසි බදාදා දිනවල පැවැත්වේ (එය රජයේ නිවාඩු දිනයක් නොවේ නම්). පූර්ණ ස්වයංකී‍්‍රය ඉලෙක්ට්රොනික ලංසු තැබීමේ පහසුකම හරහා ලංසු පිළිගනු ලැබේ.
- රජයේ මුදල් අවශ්යතාවයන් පදනම් කරගෙන සෑම මසකම භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි 3 - 4 ක් පවත්වන අතර භාණ්ඩාගාර බිල්පත් සතිපතා නිකුත් කරනු ලැබේ.
·
වෙන්දේසි දිනයේ පෙ.ව. 11.00 දක්වා කාලයේදී ප‍්‍රාථමික අලෙවිකරුවන්ට වෙන්දේසි සඳහා ලංසු ඉදිරිපත් කළ හැක. ලංසු ඉදිරිපත්
කිරීමට වෙන් කර ඇති කාලය අවසන් වී පැය 2 ක්
ඇතුලත පිළිගත් ලංසු ඉදිරිපත්
කළ ලංසු තබන්නන් පිලිබඳව දැනුම් දෙනු
ලැබේ. වෙන්දේසියේ ප‍්‍රතිඑල වෙළෙඳපොලට නිකුත් කිරීම සහ ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකු
වෙබ් අඩවියේ ප‍්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලැබේ.
·
ප්රාථමික වෙළෙඳපොලේ පිළිගන්නා
ලද ලංසු පියවීම වෙන්දේසිය පවත්වනු ලැබූ දිනයේ සිට ව්යාපාරික කටයුතු සිදු කරන
දින 2 කට පසුව සිදු කරනු ලැබේ. ශ්‍රී‍්‍ර ලංකා රජයේ ණය සුරැකුම්පත්
නිර්ලේඛන වන අතර එම නිසා සුරැකුම්පත් හුවමාරුව ඉලෙක්ට්රොනික පද්ධතියක් හරහා
සිදු කෙරේ. සුරැකුම්පත් පැවරීම නිර්ලේඛන සුරැකුම්පත්
පියැවීමේ පද්ධතිය සහ තත්කාලින දළ පියැවුම් පද්ධතිය හරහා ගෙවීම් මත මුදාහැරීමේ පදනම
යටතේ සිදු කෙරේ.
- ආයෝජකයන් ඔවුන්ගේ ගනුදෙනුවල මුදල් ගෙවීම සඳහා මෙන්ම කූපන් ගෙවීම් බැර කිරීම
සඳහා ප්රාථමික අලෙවිකරුවකු
හෝ ලියාපදිංචි වාණිජ බැංකුවක ගිණුම් පවත්වාගෙන යාම අවශ්ය වේ. ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුවේ
පවත්වාගෙන යනු ලබන මධ්යම තැන්පතු ක්රමයෙහි සුරැකුම්පත්වල
හිමිකම සටහන් වේ.
ද්විතීයික
වෙළෙඳපොල
- ආයෝජකයින්ට මෙම සුරැකුම්පත් කල් පිරීම දක්වා තමා වෙත රඳවා ගැනීම හෝ කල්
පිරීමට පෙර පවත්නා වෙළෙඳපොල මිලට විකිණීම හෝ කළ හැකිය. ආයෝජකයින්ට ද්විතීයික වෙළෙඳපොලෙන් අලෙවි කළ
හැකි සුරැකුම්පත් මිලදී ගත හැක. ප‍්‍රාථමික
අලෙවිකරුවන්/ලියාපදිංචි වාණිජ බැංකු විසින් විවිධ කල් පිරීමේ කාලසීමාවන්ට අයත්
භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පවතින මිලදී ගැනීමේ හා විකිණීමේ
ද්විපාර්ශවික මිල ගණන් දිනපතා ප‍්‍රකාශ කරනු ලැබේ.
- භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිර්ලේඛන ආකාරයෙන් පවතින අතර
සුරැකුම්පත් හුවමාරුව ඉලෙක්ට්‍රොනික පදනමක් යටතේ සිදු කෙරේ. නිර්ලේඛන සුරැකුම්පත්
පියැවීමේ පද්ධතිය සහ තත්කාලීන දළ පියැවුම් පද්ධතිය තුලදී හුවමාරු උපදෙස් ගනුදෙනුවෙන්
ගනුදෙනුවට ලබා දෙන අතර, සුරැකුම්පත් හුවමාරුව හා ගෙවීම් සඳහා වූ අරමුදල් හුවමාරුව ඉලෙක්ට්රොනික
පද්ධතියක් හරහා එක්වරම සිදු කෙරේ. නිර්ලේඛන සුරැකුම්පත් පියැවීමේ පද්ධතිය තුලදී
හුවමාරු උපදෙස් ගනුදෙනුවෙන් ගනුදෙනුවට ලබා දෙන අතර ගෙවීම් මත මුදාහැරීමේ පදනම
යටතේ සුරැකුම්පත් හුවමාරුව හා ගෙවීම් සඳහා වූ අරමුදල් හුවමාරුව එක්වරම සිදු කෙරේ.
ප්රාථමික
අලෙවිකරුවන්
ප‍්‍රාථමික අලෙවිකරුවකු යනු, 1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත යටතේ ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පත් කරන ලද රජයේ සුරැකුම්පත් වෙළෙඳපොලෙහි විශේෂිත අතරමැදියෙකි. ප‍්‍රාථමික අලෙවිකරු පද්ධතියේ ප‍්‍රධාන අරමුණ පහත සඳහන් කරුණු ද ඇතුලත්ව ප‍්‍රාථමික වෙළෙඳපොල ශක්තිමත් කිරිමයි. (අ) ශ්‍රී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පවත්වනු ලබන ප‍්‍රාථමික වෙන්දේසිවලට කි‍්‍රයාකාරීව සහභාගි වීමෙන් සුරැකුම්පත් සඳහා වන ඉල්ලුමෙහි විශ්වාසනීය සහ ස්ථාවර භාවයක් ගොඩනැගීම, (ආ) ද්විතීයික වෙළෙඳපොල සඳහා ද්‍රවශීලතාවය ලබා දීම, (ඇ) ව්‍යාප්ති මාර්ග ගොඩනැගීම (අතරමැදියන් ලෙස කටයුතු කිරීමට) සහ (ඈ) මිල, ප‍්‍රමාණය, ගැනුම් හා විකුණුම් අතර පැතිරුම වැනි වෙළෙඳපොල තොරතුරු සැපයීම.
Comments
Post a Comment