ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි ගැන
►ව්යවහාර මුදල් නෝට්ටු සහ කාසි ගැන
·
ව්යවහාර මුදල් නෝට්ටුවල ලක්ෂණ
කඩදාසි
සංයෝජනය
රුපියල්
200 සමරු
මුදල්
නෝට්ටුව
පොලිමර්
අමුද්‍රව්‍ය
යොදා මුද්රණය
කර
ඇති
අතර
අනෙකුත්
සියලුම
මුදල්
නෝට්ටු
මුද්රණය
සඳහා
සියයට 100 ක්
කපු
මිශ්රිත
පල්පයක්
මගින්
නිපදවන
ලද
කඩදාසි
යොදා
ගෙන
ඇත.
·
නිර්මාණය
කිරීම
හා
නිෂ්පාදනය
කිරීම
කාසි
හා
නෝට්ටු
නව නිකුතුවක්
සැලසුම්
කිරීමට
මාස
කීපයක් ගතවේ. නෝට්ටු/කාසි
සැලසුම්
කිරීම
නෝට්ටු
මුද්රණ
ශීල්පීන්
හෝ
කාසි නිෂ්පාදකයන්
මගින්
සිදු
කෙරේ. මුදල්
නෝට්ටුවක් සම්බන්ධයෙන් එහි
වටිනාකම, මෝස්තරය
හා
නෝට්ටුවේ
වෙනත්
ලක්ෂණ
සඳහාත්
කාසියක්
සම්බන්ධයෙන්
එහි
ලෝහය, බර, ප්රමාණය, මෝස්තරය, වටිනාකම
හා
වෙනත්
ලක්ෂණ
සඳහාත්
අනිවාර්යයයෙන්ම ශ්රී
ලංකා
මහ
බැංකුවේ
මුදල්
මණ්ඩලයේත්
ඊට
සමාගමීව
මුදල්
අමාත්යවරයාගේත් අනුමැතිය
ලබාගත
යුතු
වේ.අනුමැතිය
ලද
පසු
අදාල
ක්රියාපටිපාටි
හා
මෙහෙයුම් නිර්ණායක
සමග
මුදල්
නෝට්ටු
මුද්රණය
කරනු
ලබන/ කාසි
නිෂ්පාදනය
කරනු
ලබන සමාගමට
කොන්ත්රාත්තුව
භාර
දෙනු
ලබයි.
·
බෙදාහැරීම
ශ්රී
ලංකා
මහ
බැංකුව, ඉල්ලුම
සපුරාලීමට
ප්රමාණවත්
වන පරිදි, වාණිජ
බැංකුවලට
සැපයීම
ස
ඳහා
මුදල්
තොග
පවත්වාගෙන
යා යුතුය. වාණිජ බැංකු
මහජනයා
අතර
සංසරණය
සඳහා
සහ
ව්යාපාරික
කටයුතු
උදෙසා
ශ්රී
ලංකා
මහ බැංකුවෙන්
නෝට්ටු/කාසි
ලබාගන්නා
අතර
ඒවා
නැවත
තැන්පතුවල ස්වරූපයෙන් ශ්රී ලංකා
මහ
බැංකුවට
පිවිසේ. මෙම
මුදල්
නෝට්ටු, අධිවේගී
නෝට්ටු
සැකසුම් යන්ත්‍ර
හරහා
නෝට්ටු
හරි
වැරදි
බැලීම්, ගණනය
කිරීම
හා
වර්ග
කිරීම
සිදුකෙරේ. භාවිතයට
නුසුදුසු
නෝට්ටු
මෙම
ක්රියාවලිය
තුළදීම
කුඩා කොටස්වලට
කැපී
යයි. භාවිතයට
සුදුසු
නෝට්ටු
නැවත
වාණිජ
බැංකුවලට
නිකුත්
කෙරේ. සහකාර කැෂියර්වරුන්
විසින්
මේසය
මත
තැබිය
හැකි
කුඩා
යන්ත්‍ර
මගින් ගණිනු ලබන නෝට්ටු
ද
සංසරණය
සඳහා
නැවත
වාණිජ
බැංකුවලට
නිකුත්
කෙරේ. භාවිතයට
නුසුදුසු නෝට්ටු
ශ්රී
ලංකා
මහ
බැංකුව
විසින්
විනාශ
කරනු
ලබයි.
මහජන මුදල්
හුවමාරු
කවුළුව
ශ්රී
ලංකා
මහ
බැංකුව
වෙනුවෙන් ලංකා
බැංකු
කොළඹ පිටකොටුවේ, (ගෑස්පහ)ශාඛාවෙහි
මහජනයා සඳහා මුදල්
හුවමාරු කිරීමේ කවුළුවක්
පවත්වාගෙන යනු
ලැබේ . මෙම ලංකා
බැංකු
ශාඛාවෙන්
සාමාන්‍ය මහජනතාවට
නෝට්ටු/කාසි
මාරුකර
ගැනීම
කළ
හැකිය.මෙම
මුදල්
හුවමාරු
කවුළුවෙන් නෝට්ටු
සතියේ
දින
05 මද, කාසි
අඟහරුවාදා
හා
බ්රහස්පතින්දා
දින
වලද, මාරු කර
ගත
හැකිය
( උදැසන
9.00 සිට
)
·
ව්යාජ
නෝට්ටු
පහත
සඳහන්
ආරක්ෂණ
සලකුණු
පරීක්ෂා
කිරීමෙන්
ඔබට
ඉතා පහසුවෙන්
හා
ඉක්මනින්
ශ්රී
ලංකාවේ
නීත්යානුකූල
සැබෑ
මුදල්
නෝට්ටු
හඳුනා ගැනීමට
හැකිවේ. ව්යාජ
මුදල්
නෝට්ටුවලට
කිසිදු
වටිනාකමක්
නැත.
නව නෝට්ටු කාණ්ඩයට ප්රථම නිකුත් කළ නෝට්ටු කාණ්ඩයේ ( ශ්රී ලංකාවේ පෞරාණික උරුමයන් විදහා දක්වන ) ආරක්ෂණ සලකුණු
කඩදාසියේ
ස්වභාවය
සැබෑ
මුදල්
නෝට්ටුවක්
අතැඟිලිවලින්
ස්පර්ශකර බලන්න. එහි
තීන්ත
ඝනව මුද්රණය කර ඇති
ස්ථාන
ඉහළට
ඉස්මතු
වු
සලකුණු
ද ඔබේ
ඇඟිලි
තුඩුවලට
දැනෙනු
ඇත. මෙම
තාක්ෂණය
“ඉන්ටැග්ලියෝ මුද්රණය ” ලෙස හඳුන්වනු
ලබයි. සැබෑ
මුදල්
නෝට්ටුවක
කඩදාසිය
මෘදු, සිනිඳු, දිලිසෙන
හෝ
ඉටි ගෑ ස්වභාවයෙන්
තොරය.
දිය
සලකුණ
නෝට්ටුව
ආලෝකයට
යොමු
කොට
බැලු
විට
සිංහයෙකුගේ සලකුණක්
පැහැදිලිව
හඳුනාගත
හැකිය. මෙය
ශ්රී
ලංකාවේ
ජාතික
කොඩියේ
දැක්වෙන සිංහ රූපයෙහි
අනුරුවක්
වන
අතර
අත
දරා
සිටින
කඩුව වෙන්ව ඉස්මතුවී පෙනේ.
ආරක්ෂණ
නුල
රුපියල්
10, රුපියල්
20, රුපියල්
50 සහ
රුපියල් 100 නෝට්ටුවල
central bank of sri lanka යන්න
ඉතා
කුඩා
අකුරින්
මුද්රණය කරන
ලද
පොලියෙස්ටර්
නුලක්, ආරක්ෂණ නුල
ලෙස
කඩදාසියට
කාවදින
ලෙස
නිමවා
ඇති අතර
රු.500 සහ
රු. 1,000 නෝට්ටුවල
කඩදාසියට
කා
වැද්දු
නුල
රිදී
පැහැති
කඩ ඉරි
සේ
දක්නට
ලැබේ.
නෝට්ටුව
ආලෝකයට
යොමුකොට
බැලු
විට
මෙම
නුල
අඛණ්ඩ
සිරස් රේඛාවක්
ලෙස
දිස්
වේ. මෙම
ලෝහමය
නුල
"ස්ටාර්
වයිඩ්" (Star wide)
ලෙස හඳුන්වනු
ලබන
අතර
රු. 500 නෝට්ටුවේ
මි.මි 3 ක්
පළලින්යුත්
නුලෙහි
ශ්රී ලංකාවේ
ඩේසි
මල්
මෝස්තරයක්
ද
රු. 1,000 නෝට්ටුවේ
මි.මි4 ක්
පළලින්යුත් නුලෙහි
පැසක
වියමනක
රටාවක්
ද
පැහැදලිව
දක්නට
ලැබේ. 2006 වර්ෂයේ
දී
නිකුත් කරනු
ලැබු
රුපියල්
2000 නෝට්ටුවෙහි
යොදා
ඇති
ආරක්ෂණ
නුල
"ස්ටාර්
ක්රෝම්" (Star chrome)ලෙස
හඳුන්වනු
ලබන
අතර
නෝට්ටුව
උස්
පහත්
කර
බැලීමේ
දී
මෙම නුලෙහි
වර්ණය
රතු
සහ
කොළපාටට
වෙනස්ව
දිස්වේ. සමනල
රෑපයක්
සමඟින්
නෝට්ටුවේ වටිනාකම
රුපියල්
2000 යන්න
නුල
දිගේ
දෘශ්යමාන
වේ. රුපියල්
500 නෝට්ටුවේ මෙතෙක්
යොදා
තිබු
මිලි
මීටර්
3 ක්
පලලින්
යුත්
ස්ටාර්
වයිඩ්
ආරක්ෂණ
නුල 2005 වර්ෂයේ
සිට
නිකුත්
කරනු
ලබන
නෝට්ටු
වල
මිලි
මීටර්
3 ක්
පළලින්
යුත් ස්ටාර්
ක්රෝම්
ආරක්ෂණ
නුල
ලෙසද, රුපියල්
1000නෝට්ටුවේ
යොදා
තිබු
මිලි
මීටර් 4 ක් පළලින්
යුත්
ස්ටාර්
වයිඩ්
ආරක්ෂණ
නුල
2006 වර්ෂයේ
සිට
නිකුත්
කරන ලද නෝට්ටුවල
මිලි
මීටර්
4 ක්
පළලින්
යුත්
ස්ටාර්
ක්රෝම්
ආරක්ෂණ
නුල
ලෙසද වැඩි
දියුණු කරන
ලදී .
විනිවිද
පෙනෙන
සලකුණ
නෝට්ටුව
ආලෝකයට
යොමු
කොට
බැලු
විට
එහි
ඉදිරිපස
සහ පිටුපස
එකිනෙකට
සමපාත
වෙන
පරිදි
මුද්රණය
කර
ඇති
හැඩතල
හෝ
මෝස්තර
දක්නට ඇත. ව්යාජ
නෝට්ටුවල
ඉදිරිපස
හා
පිටුපස
මෙසේ
එකිනෙකට
සමපාත
වන, දක්නට නොලැබේ. මෙම
වෙනස
හඳුනාගැනීම
සඳහා, නෝට්ටුව
ආලෝකයට
යොමුකොට
මෙම
ලක්ෂණ
දෙස සුපිරික්ෂාකාරීව
බැලිය
යුතු
වේ.
1. ස්පර්ශයට
දැනෙන
ඉරි
සලකුණු
දෘශ්යාබාධිත
අය
සඳහා
රුපියල්
2000 නෝට්ටුව
පහසුවෙන් හඳුනාගත
හැකි
වන
සේ
නෝට්ටුවේ
වම්
සහ
දකුණු
තීරුවල
මැදට
වන්නට
ස්පර්ශයට හසුවන
ඉරි
රටාවන්
යොදා
ඇති
අතර
ස්පර්ශයේ
දී
එම
කොටස්වල
දැනෙන
රළු
ස්වභාවය නිසා
නෝට්ටුව
පහසුවෙන්
හඳුනාගත
හැක.
2.
දිලිසෙන පටිය
නෝට්ටුවේ
පිටුපස නෝට්ටු දිගේ සිරස්
අතට
ගමන්
කරන්නා
වූ
රන්
පැහැති
දිලිසෙන
පටියක්
මුද්රණය
කර
ඇත.
බහුස්ථර සැඟවුන රූප
සලකුණ
නෝට්ටුව
ඇස්
මට්ටමින්
තිරස්ව
ඇලකර
බලන
විට
එහි
වටිනාකම සඳහන්
සැඟවුන
සංකේතයක්
දක්නට
ලැබේ. සාමාන්යයෙන්
මෙම
ලක්ෂණය
නෝට්ටුවල
පහළ මැද
කොටසේ
දක්නට
ලැබෙන
අතර
රු. 1000, රු. 500, රු. 100, රු. 50, රු. 20 සහ රු. 10 ආදී
නෝට්ටු
වටිනාකම්
අනුව
එකිනෙකට
වෙනස්
වේ.
වැරගැන් වූ
කොන්
19-11-2005 දිනෙන් පසුව නිකුත් කරන ලද රුපියල් 2000 සහ රුපියල් 500 නෝට්ටුවල ද 03-07-2006 දිනෙන් පසුව නිකුත් කරන ලද රුපියල් 1000 නෝට්ටුවල ද නෝට්ටුවේ සිව්කොනේ විකර්ණ රේඛා ලෙසින් දිවෙන විශේෂිත දිය සලකුණක් දැකිය හැක. මෙම සලකුණ වැරගැන්වු කොන් නමින් හැඳින්වේ.
නව මුදල් නෝට්ටු කාණ්ඩයේ ආරක්ෂණ සලකුණු
ආරක්ෂණ
සලකුණු
නෝට්ටුවල
අන්තර්ගත
දැනට
පවතින
සහ
නව
වැඩි
දියුණු
කළ
ආරක්ෂණ
සලකුණු
පහත
දැක්වේ.
1.
නෝට්ටු
මුද්රණ
කඩදාසි
සියලුම නෝට්ටු
නිෂ්පාදනය
කර
ඇත්තේ
100% කපු
මිශ්රිත
පල්පයක්
උපයෝගී
කොට
ගෙනය. මේ
නිසා
නෝට්ටුවලට
සාමාන්‍ය
කඩදාසිවලට
වඩා
තද
ගතියක්ද
එමෙන්ම
රළු
ගතියක්ද ලැබෙන
අතර
දිගුකල්
පැවැත්මක්ද
ඇතිවේ. මේ
විශේෂ
ලක්ෂණ
නිසා
අව්යාජ නෝට්ටුවක්
ඇඟිලි
තුඩුවලට
දැනෙන
ස්පර්ශය
මගින්
හඳුනාගැනීමට
හැකියාව
තිබේ. මෙම
විශේෂිත
කඩදාසි
ඉතාමත්
ආරක්ෂිත
ආකාරයෙන්
නිෂ්පාදනය
කරනු
ලබන
බැවින්
හා එවැනි
කඩදාසි
සාමාන්‍ය
වෙළඳපොලේ
ලබාගත
නොහැකිය.
2.
දිය
සලකුණ
එක් එක් නෝට්ටුවේ මුහුණත එකිනෙකට වෙනස්වූ පක්ෂීන්ගේ රූප දැක්වෙන අතර, එම පක්ෂි රූපයම අදාළ නෝට්ටුවේ දිය සලකුණ ලෙස දක්වා ඇත. තවද නෝට්ටුවේ වටිනාකම විශේෂිත දිය සලකුණක් ලෙසින් සිරස් අතට ඉලක්කම් වලින් දක්වා ඇත.
3.
ආරක්ෂණ
නූල
රුපියල් 5000, රුපියල්
1000
සහ
රුපියල්
500
නෝට්ටුවල
පිළිවෙලින්
මි.මී. 3, මි.මී. 2.5 හා මි.මී. 2 යන පළලින්
යුතුවු, රතු
සහ
කොළ
ලෙස
වර්ණය
වෙනස්වන්නාවූ තැනින්
තැන
මතුවී
පෙනෙන
“ස්ටාර්ක්රෝම්” ආරක්ෂණ
නූල
යොදා
ඇත.රුපියල්
20,
රුපියල්
50
සහ
රුපියල්
100
නෝට්ටුවල
ආරක්ෂණ
නුල
සම්පූර්ණයෙන්ම
නෝට්ටුව තුළටම
ඇතුල්
කර
ඇති
අතර, නෝට්ටුවේ
වටිනාකම
හා
CBSL
යන
අක්ෂර
සමග
එය
අඛණ්ඩ ඉරක්
ලෙස
දිස්වේ.
4.
උස්වූ
මුද්රිත
නෝට්ටුව ඇඟිලිතුඩු මගින් ස්පර්ශ කිරීමේදී උස්වු මුද්රිත ප්රදේශ හඳුනා ගත හැකිය. උදාහරණ -නෝට්ටුවේ මුහුණත - මහ බැංකුව නමැති පාඨය සහිත කොටස සහ නෝට්ටුව මධ්යයේ පිහිටි මෝස්තර නෝට්ටුවේ පහළ කෙළවරේ නෝට්ටුවේ වටිනාකම දක්වා ඇති කොටස. නෝට්ටුවේ පිටුපස - නෝට්ටුවේ පහළ, වටිනාකම දැක්වෙන ඉලක්කම්.
5. විනිවිද පෙනෙන සලකුණ
නෝට්ටුව ආලෝකයට යොමු කොට බැලීමේදී, නෝට්ටුවේ මුහුණත වර්ණ දෙකකින් කඩින් කඩ දක්වා ඇති වටිනාකම සඳහන් ඉලක්කම් කොටස් (සමනල රූපය අසල) නෝට්ටුවේ පිටුපස ඇති ඒ හා සමාන ඉලක්කම් කොටස් සමග එකිනෙකට සමපාත වී සම්පූර්ණ ඉලක්කම් සේ දිස්වේ.
6.
වැරගැන්වු
කොන්
“වැර
ගැන්වු
කොන්” නමැති
දිය
සලකුණ
එක්
එක්
නෝට්ටුවේ
කොන්
හතරේ
විකර්ණ
ආකාරයෙන්
දිවෙන්නා
වූ
ඉරි
ලෙසින්
දැක්වේ.
7.
ඉතා
කුඩා
අක්ෂර
8.
දෘශ්යාබාධිත
පුද්ගලයන්
වෙනුවෙන්
යොදා
ඇති
සලකුණ
දෘශ්යාබාධිත පුද්ගලයන්ට
නෝට්ටුවල
වටිනාකම
හඳුනාගැනීමට
හැකි
වන
පරිදි
නෝට්ටුවේ
වම්පස සිරස්
අතට
රළු
මුද්රිත
තිත්
(රු. 20 නෝට්ටුවේ
එක්
තිතක්) නෝට්ටුවේ
වටිනාකම අනුව
වැඩිවෙමින්
යන
ආකාරයට
මුද්රණය
කර
ඇත.
9.
වර්ණ
ගන්වන
ලද
සිහින්
කෙඳි
කඩදාසි නිෂ්පාදනය කරනු
ලබන
අවස්ථාවේදීම
කඩදාසිය
ඇතුල්
කරනු
ලබන
රතු, කොළ
සහ
නිල්
පැහැයෙන් යුත්
මි.මී. 4 ක පමණ
දිගින්
යුත්
ඉතා
සිහින්
කෙඳි
කොටස්
තවත්
විශේෂිත ආරක්ෂණ
සලකුණකි.
මෙම
කෙඳි
පියවි
ඇසට
දැකිය
හැකි
වන
අතර
පාරජම්බූල
කිරණ ආලෝකය
හමුවේ
ප්රතිදීපනය
වේ. මෙම
ආරක්ෂණ
සලකුණ
මහ
බැංකුව
විසින්
නෝට්ටුවලට හදුන්වා
දෙන
ලද
නව
ආරක්ෂණ
සලකුණක්
වන
අතර
නව
නෝට්ටු
කාණ්ඩයේ
සියලුම නෝට්ටුවල
දක්නට
ලැබේ. ඉහළ
අගයක්
සහිත
නෝට්ටුවල
මේවා
වැඩි
ප්රමාණවලින් දක්නට
ලැබේ.
1.
ෆ්ලෝරසන්ට්
(FLORESCENT) මුද්රණ
මෙය ෆ්ලෝරසන්ට් තීන්ත මගින් විශේෂිත මුද්රණයක් ලෙසින් නෝට්ටුවලට ඇතුළත් කරන ලද ආරක්ෂණ සලකුණක් වන අතර පාරජම්බූල කිරණ ආලෝකය හමුවේ ප්රතිදීප්තවේ. සියලුම නෝට්ටුවල එම නෝට්ටුවේ වටිනාකම කොටුවක් තුළ ෆ්ලෝරසන්ට් තීන්ත වලින් මුද්රණය කොට ඇත. රුපියල් 5000 නෝට්ටුවේ “ජෙමිනි” නමැති රතු පැහැයෙන් දිස්වන ෆ්ලෝරසන්ට් මුද්රණයක් ද යොදා ඇත.
Ø ව්යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුවක් සම්බන්ධයෙන් කළ යුත්තේ කුමක් ද ?
1) ව්යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව සැබෑ මුදල් නෝට්ටුවක්යැයි ඔබ දන්නා නෝට්ටුවක් සමඟ සසඳා බලන්න.
§ ආරක්ෂණ සලකුණු වැඩි ප්රමාණයක් හොඳින් විමසා බලන්න.
§ ව්යාජ මුදල් නෝට්ටුවක් යැයි සැක සිතන නෝට්ටුව රඳවා තබාගන්න.
2) ව්යාජ මුදල් නෝට්ටුව රැගෙන ආ පුද්ගලයා (පුද්ගලයන්) පිළිබඳ විස්තර සටහන්කර ගන්න.
§ බාහිර පෙනුම
§ වාහනය පිළිබඳ තොරතුරු
§ එම පුද්ගලයා අවසන් වරට දුටුවේ කිනම් ස්ථානයක දී ද යන්න
3) නෝට්ටුව පිළිබඳ විස්තර සටහනක් කර ගන්න.
§ වටිනාකම
§ අනුක්රමික අංකය
4)
ළඟම ඇති පොලිස් ස්ථානය අමතන්න
§ සැක සහිත නෝට්ටුව පොලිසියට බාර දෙන්න.
§ අවශ්‍ය විස්තර පොලිසියට සපයන්න.
§ ව්යාජ මුදල් නෝට්ටුවක් දැන දැනම ළඟ තබාගැනීම, එය ගනුදෙනු සඳහා යොදා ගැනීම නීතිය ඉදිරියේ වරදකි.
·
ව්යවහාර මුදල් නෝට්ටු ආරක්ෂා කිරීම
·
මට ව්යවහාර මුදල් නෝට්ටුවක් අනුකරණය කළ හැකි ද ?
මුදල් නීති පනතේ 58 වගන්තියේ ප්රකාර මුදල් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඕනෑම අයෙකු කිනම් ආකාරයකින් හෝ ව්යවහාර මුදල් නෝට්ටුවක් අනුකරණය කිරීම වරදක් වේ.
·
කැපීම, සිදුරු කිරීම හෝ වෙනත් ඕනෑම ආකාරයකින් ව්යවහාර මුදල් නෝට්ටුවක් විකෘති කිරීම
·
මුදල් නෝට්ටුවක් මත යමක් මුද්රණය කිරීම, මුද්රා තැබීම හෝ වෙනත් ඕනෑම දෙයක් ඇඳීම හෝ කිසියම් මුද්රාවක් හෝ සලකුණක
·
වෙළෙඳ දැන්වීමක ස්වරෑපයෙන් ව්යවහාර මුදල් නෝට්ටුවක් යොදා ගැනීම ඒ මතුපිටට සම්බන්ධ කිරීම හෝ ඇලවීම හෝ
·
ඕනෑම ආකාරයකින් අනුකරණය කිරීමත් ව්යවහාර මුදල් නෝට්ටු අනු පිටපත් කිරීමත් නීතිය ඉදිරියේ සාපරාධී වරදක් වේ.
·
විකල වු මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ලා බැංකුවේ භූමිකාව කුමක් ද ?
පළපුරුදු නිලධාරීන්ගේ මාර්ගයෙන් විකල වු නෝට්ටු පිළිබඳව විමසා බලා නොමිලේ ඒ වෙනුවට වටිනාකම ලබාදීමේ සේවාවක් බැංකුව විසින් පවත්වාගෙන යනු ලබයි. විකල වු හෝ පලුදු වු හෝ මුදල් නෝට්ටු සඳහා ගෙවීම් කිරීමේ ක්රියාපටිපාටිය මුදල් නීති පනතේ සඳහන්වන අතර, ගෙවිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් පනතේ සඳහන් උපදෙස් හා විධිවිධාන තරයේ අනුගමනය කරනු ලැබේ.
·
විකල වු/පලුදු වු නෝට්ටුවක් යනු කුමක් ද?
ව්යවහාර මුදල් නෝට්ටුවක තත්වය එහි වටිනාකම, තීරණය කිරීමෙහිලා විශේෂ පරීක්ෂාවකට ලක්කල යුතු මට්ටමක පවතින විටෙක එවැන්නක් විකල වු පලුදු වු නෝට්ටුවක් ලෙස සැලකේ. පිලිස්සීමෙන්, ගෙවීයාමෙන්, පලුදුවීමෙන්, ඉරීයාමෙන් හෝ අපවිත්රවීමෙන් විකල වු මුදල් නෝට්ටු, පලුදු වු මුදල් නෝට්ටු බවට පත්වේ.
·
මා වෙත විකල වු හෝ පලුදු වු නෝට්ටුවක් ඇත්නම් කළයුත්තේ කුමක් ද ?
පලුදු වු විකල වු නෝට්ටු, ලියාපදිංචි තැපෑලෙන් ශ්රී ලංකා මහ බැංකුවට එවීමට හෝ මහ බැංකු මුදල් කවුළුවට භාරදීමට පිලිවන. පලුදු වු නෝට්ටු, බැංකු නිවාඩු දිනයන් හැර සඳුදා සිට සිකුරාදා දින දක්වා 9.00 පැයේ සිට 12.00 පැය දක්වා ශ්රී ලංකා මහ බැංකුවේ කොළඹ පිහිටි ප්රධාන කාර්යාලයේ මුදල් කවුළු වෙත බාරගනු ලැබේ.
·
එවැනි මුදල් නෝට්ටු ඉදිරිපත් කිරීම සඳහා සහ ව්යවහාර මුදල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා යොමුවිය යුතු ලිපිනය
ව්යවහාර මුදල්
අධිකාරී
ශ්රී ලංකා මහ
බැංකුව
තැ.පෙ. 590
ජනාධිපති මාවත
කොළඹ 01
දුරකථන අංක - 94 11 2477351, 94 11 2477014, 94 11 2477355
Comments
Post a Comment